(ඉන්දිකා රාමනායක)

විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා එහි දී ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව කියන මෙරට ජාවාරම්කාර කාන්තවක් තඹුත්තේගම ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්රී්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුව ගනු ලැබුවාය.

සැකකාරිය එප්පාවල පදිංචි (36) හැවිරිදි කාන්තාවක බවත්, ඩුබායි හි වෙසෙන ඇගේ ඥාති සොහොයුරියක හරහා සැකකාරිය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

අනුරාධපුරයේ පදිංචි යුද හමුදා සාජන් මේජර්වරිය හමුදා සේවයේ විශ්‍රාම යාමෙන් පසු ඉකුත් 2022 වසරේ ජුනි මස ඇය රුපියල් ලක්ෂ 5 මුදලක් ඉහත සැකකාරිය වෙත ලබා දී සුපිරි වෙළෙඳ සැලක සේවය සදහා සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇත.

ඇය සතු රන් භාණ්ඩ සහ ත්‍රිරො රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් මෙම රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකාරියට ලබා දී ඇය මෙලෙස ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි.