
(අමදෝරැ අමරජීව)
තිලීපන් සැමරැම් රථ පෙලපාලියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහල ජනයා වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතින් අතර සංහිඳියාව හා සමගිය විනාශවු බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවැසිය.
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ පෙරේදා (19) පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුකාරවරයා එසේ පැවැසීය.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නැගෙනහිර පලාතේ නිතිය හා සාමය ආරක්ෂා කිරිමට මා සතු වගකීමක් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ මේ ක්‍රියාව මම අනුමත කරන්නේ නැහැ.මේ රටේ ආර්ථික අර්බුදයක් පවතින වේලාවක මේ මන්ත්‍රීවරයා ඉතා කල්පනාවෙන් වැඩ කල යුතුයි. මේ තුලින් වෙන්නේ රටේ සංහිඳියාව කඩාකප්පල් වෙන එකයි.
මින් ඉදිරියට නැගෙනහිර සංහිඳියාවට බාධාවන ක්‍රියාවන් සිදු නොවිමට පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන්නා යැයි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ ඇති නැගෙනහිර සිංහල ජනතාවට ගෞරව ප්‍රණාමය !
වැඩේ වැරදුන නිසා අනිත් පැත්තට කථාව.
අසව් අසව් ,කිඹුල් කඳුළු ගැන කිමට කතා
තිලීපන් වීරයෙක් නේ ඉන්දීය ආණ්ඩුවට විරුද්ධව උපවාසේ කරලා මැරුණා .නමුත් ශ්‍රීලංකා ආණ්ඩුවට විරුද්ධව ඉන්දියාවේ ආණ්ඩුවට ගතුකියන්නෙත් ගජෙන්ද්‍රලාමයි
පොලිසියට ඔක්කොම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෙද ?