(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් 75000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන නොච්චියාගම මහවැලිඅධිකාරියේ වැඩබලන  කළමනාකාරවරයා අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කාර්යාලය තුළදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

මහවැලි අධිකාරියට අයත් ඉඩමක් පුද්ගලයෙකුට පැවරීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අවස්ථාවේ වැඩබලන  කළමනාකාරවරයාවැටලීමක් සිදුකර සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර වැඩබලන වැඩබලන කළමනාකාරවරයා අද නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.