( සුමිත් පොතුපිටිය)
පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වලාන සහ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 19 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව්දෙනෙකු බව පොලිසිය කීය.
පානදුර ගොරකාන ප්‍රදේශයේ රාත්‍රි පෙරහැර සදහා පානදුර උතුර පොලිසියේ නිළධාරීන් ආරක්ෂාවට යොදා සිටින බැවින් සැකකරුවන් නිදහසේ රේස් පදින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් පල්ලියමුල්ල ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රේස් කාරයෝ නම් පුදුම කරදරයක්. මෙම කාලකන්නින්ගේ රේස් කෙරුවාව නිසා අලුත් ගාලු පාරේ මේ වනවිට කීප දෙනෙකුම ජීවිත වලින් පවා වන්දි ගෙවා තිබෙනවා. මුන්ව මට්ටු කළ හැකි නම් එය විසාල පුණ්‍ය ක්‍රියාවක් වනු ඇත.
හොඳම ක්‍රමය එන්ජින් ඔයිල් නවත්වන එක.
එක්කෙනයිනේ බොක්කේගම, අනිත් අය එහෙ නෙවෙයි...!