
(ඉන්දිකා රාමනායක)
කන්තලේ වැව් රක්ෂිතයේ ඇති දිය පොත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මොවුන් කිසියම් රාජකාරියක් සඳහා ඊයේ (20) රක්ෂිතයට දෙසට ගමන් කරමින් සිටියදී අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය පවසයි. කන්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ මුන් දඩයමේ යන්න ඇති
හොඳ අලියෙක්
තත්වය බරපතල නැතිනම් අලියා ගහපු එකෙන් වැඩක් නැහැ