(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන මහතා ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම ගැන පුදුම හිතුන බවද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන්නේ යැයි ද කීය.
අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ"ඔබතුමා දැනට ඔහොම ඉන්න"යැයි පැවසූ බව කී අබේවර්ධන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළේය.
ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුනත් රනිල් වික්‍රමසිංහ මහතා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්‍රස්තවාදීන් පුපුරුවාගෙන මැරෙන තැනට කටයුතු කෙරුණු බව ද කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කී කාරණා සියල්ලම එතුමා කැමති නම් ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළ වජිර අබෙිවර්ධන මහතා එසේ ලබා දෙනවා නම් ඉතා වැදගත් බව කීය.
ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව කී අබෙිවර්ධන මහතා ඇතැම් දේශපාලකයන්ගේ කතා දකින විට ත්‍රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට කණගාටුවක් ඇති වන බවද බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලේනියම් සිටි මතකද?
ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයින් මීටවඩා වගකීමෙන් වැඩ කළයුතු බව කී අබේවර්ධන මහතා... අර මිලේනියම් සිටිවලත් පසුගිය කාලේ මොකද්ද සිද්ධියක් වුණාලු...
මොළේ කළඳක් හෝ ඇති කෙනෙකුට තේරෙනවා පොළොන්නරුවේ පොළඟාට ඕනෑ වුනේ රනිල් මහතාව දේශපාලනයෙන් අතුගා දමන්න. ඒකයි ඔය මිනිහා එතුමාට ආරක්ෂක කවුන්සිලය තහනම් කළේ. ඔය කුහක මිනිහාට රනිල් මහතා ගැන ලොකු ඉරිසියාවක් තිබුණා. අද මොකද වෙලා තියෙන්නේ? මිනිහා බලුවෙලා. රනිල් මහතා ජනාධිපති වෙලා. රනිල් මහතා ඔය පොළඟා වගේ පලිගන්න කෙනෙක් නොවන නිසා මේ පහත මිනිහා තාමත් වැල්බයිලා කියකියා ඔහේ ඉන්නවා. නැත්නම් මේකාව අල්ලලා හිරේ දාන්නයි ඕනෑ. දැක්කානේ රනිල් මහතා එක්සත් ජාතින්ගේ සමුළුවේ කතාකළ ආකාරය. ඉස්සර අරයා ගියාම කොහොමද කොළයක් බලාගෙන සිංහලෙන් කතාකරනවා. කවුරුවත් අහන්න කෙනෙක් නැහැ.
බෝම්බ පිපිරෙන තැන වාඩිවෙලා හිටියා නම් කොච්චර හොඳයිද?
එහෙම කළා නම් ඒකට විරුද්ධව එළියට බැහැලා කතාකරන්නවත් බැරි දුර්වලයෙක්ද ජනාධිපතිකම ගත්තේ?
තව බෝම්බයක් පිපිරෙනතුරු වාදවිවාද වෙවි! ISIS යනු ඉතාමත් භයානක ත්‍රස්තවාදී කණ්ඩායමකි. අවාසනාවට ශ්‍රී ලංකිකයන් මේය තේරුම් ගෙන නොමැත
බලයට තියෙන කෑදරකමට අගමැති තනතුරේ එල්ලිලා හිටියා ආත්ම ගෞරවයක් තියෙන මිනිහෙ නම් එවලේම අගමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා.එයා අගමැතිවෙලා හිටියා කියලා පාස්කු ප්‍රාහරය වලක්වා ගන්න බැරි උනා වගේම අද පිං ජනාධිපතිවෙලා හිටියට ඒ අපරාධය කරන්න අනුබල දුන්න එවුන්ට දඬුවම් කරන්නත් බැහැ.
ඒ කාලේ දන්සැල් පෝලිම්වල උන්නු පලපුරුද්ද උපකාර වෙන්න ඇති...
වජිර, උඩ බලාගෙන කෙළ ගහන්න එපා... අගමැතිවරු බලු වෙනවද එහෙම නිලධාරීන් ඉස්සරහ? ප්‍රේමදාස, මහින්ද වැනි අගමැතිවරුන්ට මෙහෙම සැලකුවා නම් එවෙලේම නිලධාරින්ට කනේ පාර බැගින් ලැබෙනවා, ජනපති රටින් පිටවූ වෙලාවක තමන් රටේ ප්‍රධානියා බව නොදන්න කොන්ද පණ නැති මනුස්සයෙක්...
එන්න එන්නම පිස්සුව වැඩි වෙනවා වගෙයි...
රනිල් මුල ඉඳලාම ජයවර්ධන ප්‍රේමදාස ජනාධිපතිවරු වගේ කෙළින් වැඩ කළා නම් එහෙම එකඑකා ඉස්සරහා දෙකට නැමෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශස්ත පිළිතුරක් තියෙනවා. නිවටයා දැක්කාම එළුවත් නිකට පානවා කියලා...
වජිර දොඩවන විකාර සතියෙන් සතිය මාධ්‍යවල පලවනකොට එජාපයේ 3% ඡන්ද ප්‍රතිශතයත් ක්‍රමයෙන් පහළ බහිනවා. වජිරට හෝ රනිල්ට ජාතික ලැයිස්තුවෙන් හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නැහැ.
මන්ත්‍රීතුමා ඔහේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමැති කෙනෙක් නේද? ඉතින් ඔහේලා නිකුත්කළ චක්‍රලේඛ ගැන දන්නවා ඇති නේද? එහෙම නම් නිලධාරින් දේශපාලන අධිකාරියේ පහළම එකාට පවා සලකන්න ඕනෑ ක්‍රමය කියලා තියෙනවා නේද? එහෙම නම් එකල අගමැතිට එහෙම කරපු එවුන්ට දඬුවමක් නොදෙන්නේ ඔහේලා චක්‍රලේඛ නිකුත් කරන්නේ නිකං ඉන්නවාටද කියන්න...!
ඕවා දැන් කියලා වැඩක් නෑ... අනුර කුමාර කීවා මතකයිනේ ඔය ජනාධිපතිතුමාගෙන් ලැබෙන ප්‍රතික්ෂේප වීම් පාර්ලිමේන්තුවේ කිසිම මොහොතක ඒ ගැන ඔය රනිල් රාජපක්ෂ කතාකළේ නෑ. හරි නම් ඒ පිළිබඳව කතාකරන්න ඕනේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ... ඒ හරහා විසඳුම් සෙවිය යුතුව තිබුණා. එළියේ වාඩිවෙලා හිටපු එක නෙමේ කරන්න තිබ්බේ.. ..සේරම කෙල වෙනකම් බලන් ඉඳලා දැන් මෙතන මගුල් කියවනවා. ජනාධිපතිකම අගමැතිකම ඔබලාගේ බූදලේ නෙමෙයි. මේක ජනවරමකින් දෙන්නේ රටට කෙලවෙනකම් එළියේ වාඩිවෙලා ඉන්න නෙමේ.. ඔබලාගේ පුද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්නත් නෙමේ කරන්න බැරි තත්වයක් තිබුණා නම් ඕක දාලා වෙන කෙනෙක්ට දුන්නා නම් ඉවරනේ.. බලන්න නෝණ්ඩ් වෙවී ඉන්නේ බල පෙරේතකමට... ඒක නෙමේ රනිල් රාජපක්ෂට ඕනේ බලය තානාන්තර විතරයි. නැතුව රට හදන්න කිසිම වුවමනාවක් නෑ. ඒකේ එල්ලීගෙන ඉන්නේ හරියට කූඩැල්ලා වගේ.. කොහොම හරි නුඹලා සේරම එකතුවෙලා කෑවා රට... අහිංසක මිනිස්සු මැරුණා සිය ගානක් . බල තන්හාවේ තරම තමා ඔය...