(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි අටක් වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් තාවකාලිකව ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද(22) ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඒ ක්‍රියාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු කමිටු නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බවයි.
ඒ ක්‍රියාව වෙනුවෙන් ඔහුට නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ 75 ක දඩයක් පමණක් බවත් රත්රන් කිලෝ හතරක් ගෙනා ප්‍රංශ ජාතිකයකුට කෝටි 7 ක දඩයක් නියම කෙරුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.
දඩය නියම කිරීමේදී යම්කිසි බලපෑමක් සිදුවී ඇති බව පෙනී යන්නේ යැයි පැවසූ විපක්ෂනායකවරයා මේ ගැන සොයා බලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටීමට නුසුදුසු පුද්ගලයකු බවත් ඔහු එළියට දැමීමට හැකි නම් එළියට දාන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සෙට්එකම ප්‍රභාකරන් උතුරෙන් පන්නා දැමුවා. ඕන කුණුගොඩක් බාර ගන්න සිංහලයෝ ඒ උතුරෙන් එළියට දාපු කුණුගොඩ දකුණට ගත්තා. පාර්ලිමේන්තුවෙන් නොවෙයි මොවුන් ගොඩම ලංකාවෙන් එළියට දාන්න ලැහැස්ති කරන්න... අපේ සිංහල මැට්ටෝ තේරුම් නොගත්තාට ප්‍රභාකරන් තේරුම් ගත්තා හම්බයින් සතේකට විශ්වාස කරන්න බැරි අවස්ථාවාදීන් කියලා...!
මොන යෝජනාව ආවත් මොහුට කිසිම දෙයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරු...