IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි

( සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර  දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය.

එම අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා  (20) රැස්විය.
නාමයෝජනා අවලංගු කිරීමට මෙසේ අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශයේ  ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳවද  මෙහිදී සාකච්ඡාවට ලක්විය.

තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරුන්  ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්   සඳහා ස්ථාන මාරු කිරීම්  කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය  සමාලෝචනය කිරීමද මෙහිදී සිදුවිය.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි ස්ථානගත නොකිරීම  පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම්  නිසිපරිදි සිදුකළ යුතු බවටද අවධාරණය කළ අගමැතිවරයා ඒ අනුව වහාම පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ීමට අනුමැතිය



අදහස් (2)

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි

A.L.A.Hassan Friday, 22 September 2023 06:19 AM

හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට එවීම තමයි මගේ අදහස...!

:       0       0

ගුනවර්ධන Friday, 22 September 2023 09:35 AM

එතකොට ඒවාට වියදම් කලේ උන්ගේ අම්මගෙ නැත්නම් අප්පගෙ භූදලයෙන්ද නැත්නම් සුනාමියෙන් පටන්ගෙන ඔක්කොමලා එකතුවෙලා ගසාකෑ ඒවායින්ද කියලා අහන්නම වෙනවා මෙහෙම නාස්ති වලක්වන්න කෙනෙක් නැද්ද පක්ෂ අදාල කර නොගෙන අතිවිශාල වශයෙන් ජනතා දේපළ විනාශ නොකරපු හා ඒවාට සම්බන්ධ නොවූ මිනිස්සු ගැන විතරක් කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site