IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල්ලී මැරුවාට අයියා එල්ලුම්ගහට

(මනෝප්‍රිය ගුණසේකර)

පවුල් ප්‍රශ්නයක් හේතූවෙන් එකකුස උපන් මල්ලීමට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා කෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (21) මරණ දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විත්තිකරුට මරණීය දඬුවම නියම කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේය”
මීට වසර 07කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරු විසින්ම කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ වැල්ලම්පිටිය කැලණී නදීගම පදිංචි ධනුක චන්ද්‍රජිත් ගඟබඩආරච්චි නමැති 48 හැවරිදි පුද්ගලයකුටය”
2016 අගොස්තු මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය කැලණී නදීගම ප්‍රදේශයේදී දිනුෂ රසාංග ගඟබඩආරච්චි නමැත්තාගේ මරණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පවුල් ප්‍රශ්නයක් මත අයියා-මලෝ දෙදෙනා මහමඟදී ආරඅවුලක් ඇතිකරගෙන ඇති බවත් ඒ අනුව විත්තිකරු විසින් මරණකරුට පිහියෙන් ඇණ මරා දමා ඇති බවත් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය”
ඒ අනුව අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු බව තීරණයය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම පැමිණවීය”

 



අදහස් (4)

මල්ලී මැරුවාට අයියා එල්ලුම්ගහට

Mh Mohan Thursday, 21 September 2023 07:24 PM

මරු අයියා.

:       1       2

Perera Friday, 22 September 2023 10:17 AM

මට සහොඩර සහොඩරියො අවාසනාවකට නැැ. සහෝදර සහෝදරියන් ඉන්න සමහර අයට එ අයගෙ අගයක් නැහැ.

:       0       5

Bunny Preena Friday, 22 September 2023 11:37 AM

ආගම ධරමානුකූලව ජීවත් වෙනවා නම් මෙවැනි ආරවුල් ඇතිවෙන්නේ නැහැ

:       0       1

Nihal Friday, 22 September 2023 11:56 AM

අපි සහෝදර සහෝදරියන් 10යි, කිසිඳු අසමගියක් නැත... සාමකාමීව බුදුදහමට අනුව ජීවිතය සතුටින්ම හුඟක් දුරට අවසාන වෙමින් තිබේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site