
(කේ බුද්ධික කුමාරසිරි)
වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසයි.
විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවද ඒ මහතා පවසයි.
මෙම සිද්ධස්ථානය වෙත ලැබෙන පඩුරු මුදල් කලක සිට විශාල වශයෙන් අවභාවිතා සිදුවන බවට සහ දේවාලයට පුජා කෙරෙන රන් ආභරණ ආදිය නිසි ලෙස ලැයිස්තු ගත නොවී විකුණා මුදල් වංචා කරන බවට කලක සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටටම ලද පැමිණිලි මතමේ පිළිබදව විමර්ශනය කිරීමෙන් පසු පිං කැට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බවද පලිහේන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙයියෝද ඉතින්?
මමත් ඉතාමත් පැහැදීමක් ඇතුව යන ස්ථානයක් තමයි. ඒත් මට ඔය ස්ථානයේ පැරණිතම දේවාලය කුමක්ද කියලා තේරුම් ගන්න බැහැ. ඒ වගේම එහි කටයුතු කරන කපුමහත්වරු කිසිම පිළිවෙළක් ඇතුව පූජාවන් කරනවද කියලා තේරුම් ගන්න බැහැ. දෙතුන් දෙනෙක් එකවර ශබ්ද නගා කියැවීමෙන් සෙතක් ගන්නේ කොහොමද? මෙතෙක් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබුණා වුණත් තවත් පිළිවෙළට කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා... දේවාල කීපයක් තියෙනනිසා කටයුතු වෙන්කර බැතිමතුන් යැව්වොත් කාටකාටත් පහසුයි...