
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මිනුවන්ගැටේ 20 හංදිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යන රටබීම හලකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (21) දහවල් නිහඩ විරෝධතාවයක නිරත වූහ.
බීමට ජලය ලබා දෙන්නැයි ඉල්ලා අවස්ථා කීපයකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් මෙතෙක් එම ඉල්ලීම ඉටු නොවූ බවත් වතුර වෙනුවෙන මත්වතුර ලබාදීමට බලධාරින් කටයුතු කර ඇතැයි ද උද්ඝෝෂඛයෝ චෝදනා කළහ.
යෝජිත මත්පැන්හල මුස්ලිම් දේවස්ථානයේ සිට මීටර් 70 ක දුරක් පමණක් තිබියදීත් එය අනුමත කර ඇතැයි ජනතාව කියති.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම බළපත්‍රය වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසයි. ප්‍රදේශයේ පදිංචි සිංහල හා මුස්ලිම් ජාතීන් එක්ව විරෝධතා පුවරු සහ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් මත්පැන් සැලට විරෝධය දැක්වූහ.
ජනතාව කියා සිටින්නේ තම ප්‍රදේශයට බීමට වතුර ලබාදෙන ලෙස රජයන් ගණනාවකින් ඉල්ලා සිටියත් අවසානයේ ලබාදුන්නේ බීමට වතුර නොව මත් වතුර බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරලත් වැඩක් නැහැ මේ කාලකන්නි දේශපාලකයන් ඉන්නකම්
වාරියපොළ වෙන බාර් ඇත්තේම නැද්ද?
ශුවර් එකටම දේශපාලුවෙක්ගේ සම්බන්ධයක් ඇති..