(යොහාන් භාසුර)

2008 වසරේදී තරුණයන් 11 ක්  පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට වසර 15 ක් ගත වුවද තවමත් සාධාරණය ඉටු වී නැතැයි චෝදනා කරමින් එම තරුණයන්ගේ මව්පියෝ සහ අතුරුදහන් වූවන්ගේ සංගමයේ පිරිසක්  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පෙරවරුවේ පැවැත්වූහ. 

එහි පරීක්‍ෂණ කඩිනම් කරන ඔවුහු ඉල්ලා සිටියහ.

එහිදී ඔවුහූ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පෙත්සමක් ද භාරදුන්හ.

එම පිරිස බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්ත සහ ඕස්ට්‍රේලියා ආදි තානාපති කාර්යාලය කීපයක් ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)