
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (21)පස්වරුවේ ඇතිවිය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිගින් දිගටම චෝදනා කළේය.
දෙදෙනා අතර මෙම බහින්බස්වීම් ඇතිවූයේ ඒ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:
මේකෙ මහ මොළකාරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මෙයා.අනෙත් කෙනා ගෝඨාභය. සනී කියන්නේ මැද පෙළ පිතිකරුවෙක් විතරයි. මෙයා සිංගප්පූරුවේ ඉද්දි තමයි බෝම්බ පිපුරුවේ. ලංකාවට ආවේ නෑ හෝටලයක හැංගිලා හිටියා. ඇඳ යට රිංගා ගෙන ඉඳලා තියෙනවා. මම පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ ගැන මේක ප්‍රශ්න කළා. එයා මොකද කිව්වේ. ගුවන් යානයේ සීට් නැහැ කිව්වා. එහෙම බොරු කියලා කවුරුත් නිදා ගත්තට පස්සේ රෑ හොරෙන් රටට ආවා.මේ වගේ බියගුළු රාජ්‍ය නායකයෙක් කවදාවත් බිහිවෙලා නැහැ. අපිට හරි ලැජ්ජයි.
(මෛත්‍රිපාල සිරිසේන මහතා කෑ ගසයි)
ෆොන්සේකා මහතා:
කට වහගෙන අහගෙන ඉන්න.
සිරිසේන මහතා:
සනී හිටියේ කොහෙද. තිරුපති තියෙන්නෙ කොහෙද. මම තිරුපති ඕනතරම් ගිහිල්ලා තියෙනවා මට කවදාවත් සලේ හම්බ වෙලා නැහැ. සලේ ඉන්දියාවේ මම ඉන්න තැන දැනගෙන හිටියෙත් නැහැ.මෙයා කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාවේ ඉන්නකොට මෙයාගේ කඳවුරට ගහලා දහස් ගණනක් මැරුණා.
ෆොන්සේකා මහතා:
මේ පිස්සා හැමදාම මේ කතාව කියනවා.යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරය බාරව ඉන්න කෙනා නොවෙයි. දැන් වලිගේ පාගගෙන කෑගහනවා. මෙයා මේ හැසිරෙන්න හිටපු ජනාධිපති කෙනෙක් විදියටද. හරියට පසුපෙළ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්නේ. මෝඩයෙක් වගේ කෑගහනවා. මහ මොළකාරයා නිසා තමයි මේ කෑ ගහන්නේ.අපි කවදාවත් ඇඳවල් යට හැංගිලා හිටපු අය නෙවෙයි. පොදු අපේක්ෂකයන්ටත් නින්දාවක්. අපිත් ඒ මෝඩ වැඩේ 2015දී කළා. අපි දැන් ලැජ්ජ වෙනවා.
(මෛත්‍රිපාල සිරිසේන මහතා කෑගහයි)
මෛත්‍රිපාල සිරිසේන මහතා;
මෙයා මේ කියන්නේ පට්ටපල් බොරු. මෙයා හමුදාපති කාලේ කාලෙ අපේ කොල්ලො දාහ දෙදාහ මැරුණා. ඒව ගැන මෙයා කතා කරන්නේ නැහැ. හමුදා මූලස්ථානය රැකගන්න බැරි හමුදාපති කෙනෙක් මෙයා. බඩවැල් එළියට එන්න බෝම්බ වැදුණා. බඩවැල් ගෙනිච්චෙ එක වාහනයක. මෙයා ගෙනිච්චේ තවත් වාහනයක. දැන් මෙයා ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම ඒක පාක්ෂික එකක්.
ෆොන්සේකා මහතා
මම හමුදාපති කාළේ හමුදා භටයන් පන් දහස් ගාණක් නැති වුණා. දාහක් දෙදාහක් නොවෙයි. ඒ අය කැපවීම් කරලා තමයි ත්රස්තවාදීන් විසිපන්දාහක් ඝාතනය කළේ. යුද්ධය ජයග්‍රහණය කළේ. කැපවීම් නොකර යුද්ද දිනන්න බැහැ ඇඳවල් යටටවෙලා ඉදලා යුද්ද දිනන්න බැහැ (මෛත්‍රිපාල සිරිසේන මහතා කෑ ගසයි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොන්සේකා ද්‍රෝහී බල්ලෙක්..බල්ලෙක්
ගරු මන්ත්‍රී තුමා..
මොනවා උනත් මෛත්‍රීපාල හිටපු ජනාධිපති කෙනෙක් .ඔහුට පිස්සා කියන එක නින්දා සහගතයි .එතකොට ෆීල්ඩ් මාෂල් ගත්තේ පිස්සෙක් නේද ?
මෙවැනි කෂඩ කයිවාරු කාරයන් සමග සිටිමින් බටහිර සහ ඉන්දියාවේ ආශිර්වාදය ලත් ත්‍රස්ත රැලක් සමග යුද්ධ කරලා එකත් ජයග්‍රහණ කරලා, රටේ ආර්ථිකයත් ආසියාවේ දෙවෙනි හොඳම ආරිතිකය බවට පත් කලාට මහින්ද මහත්තයාට වෙනම තෑග්ගක් දෙන්න වටිනවා. ශික් විතරක්!
කොහෙද හිටපු බයියෙක් .පොළොන්නරුවෙන් කොළඹ ඇවිත් මොංගල් වෙලා රට කෑවා ,පොන්න මයිත්‍රී
පොළොන්නරුවේ පොළඟා නිකන් කිච වුණා. පාර්ලිමේන්තුවෙන් චුත කලයුතු එකෙක් තමයි මේකා . හැම දාම අනුන්ට වල කැපුවා . අන්තිමට මේක මැරෙන්නේ ඒ වලකම වැටිලයි .
තිත්ත තමයි ඒත් ඇත්ත…!
අම්මෝ සිරිසේන චාටර්...
පිස්සු තමයි.
බෝම්බෙ පිපුරුණාට පස්සේ ගුවන් තොටුපලෙන් හිනාවෙවී ආවා නම් මතකයි...