
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 12 හැව්රිදි දරුවෙකු කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පහරකැමට ලක්වූ දරුවාගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය කීය.පහරකෑමට ලක්වූ සිසුවා පහරදුන් සිසුවාට නිතර විහිළුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය කීය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දරුවන් සියලු දෙනාටම දැනෙන්න ඕනා අපි එක ටීම් එකක් කියලා ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕනා දරුවන්ට මගේ පුතා ඉන්නෙ 8 වසරේ මොරටුව පාසලකට යන්නෙ මගේ පුතාගේ ප්‍රශ්නයත් ඕකමයි එයාට විහිලු කරනවා ලමයි මම අද කියලා යැවුවෙත් ඔයා ඉවසන්න හොදටම කියලා එයා කියනවා තාත්තේ මම අදත් ඉවසුවා කියලා ඉතිං මම එයාට පුරුදු කරනවා තව ඉවසන්න
විහිළුවක් ගිය දුරක් ?