
(ඉන්දිකා රාමනායක)
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට කැඳවූ පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය පොලිසිය තුළදී ද බහින් බස් වී පසුව බිරියට පිහියෙන් අනින්න ගිය කොස්තාපල් සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු පිළියන්දල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකාර කොස්තාපල්ගේ බිරිය කළ පැමිණිල්ලකට අනුව එව විභාගය කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයාද කැඳවූ බව පොලිසිය කියයි.
බීමතින් පැමිණි බව කියන සැකකරු බිරිඳ සමග පොලිස් ස්ථානය තුළ දී බහින්බස් වී ඇයට පිහියෙන් ඇනීමට උත්සාහ කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ කියන්නෙ කියලා තේරුම් ගන්න බැහැ කොහොම වුනත් පොලිස් කොස්තාපල් කෙනෙක් පොලිසිය තුලදී බීමත්ව ඉන්නවා කියන්නෙ ආයතන සංග්‍රහය අනුව වරදක් වෙනවා ලොකු මහත්වරු ඒවා දන්නවා නම් ඒකට විනයානුකූලව කටයුතු කරාවි අපි කුඩාකාලයේ අපිට ගුරුවරු කිව්වෙ පත්තරේ බලා සිංහල භාෂාව හා ව්‍යාකරණ ඉගෙනගන්න කියලා දැන් කාලයේ මේ පත්තරේ පමණක් නොවෙයි කිසිම පත්තරයක් කියලා සිංහල ඉගෙනීමට බැහැ වෙනත් රටවල් තමන්ගෙ මව්බස ආරක්ෂා කරන්න කටයුතු කරද්දී ලංකාව ඒක විනාශ කරන්න උත්සාහ කරනවා බලන්න ජපානය ඒ රටේ අධ්‍යාපන හෝ පුහුණුව සදහා යන අයට ජපන් භාෂාව ඉගෙනුම ලබන්න කියනවා කොරියාව රැකියා දීමට කොරියන් බස ඉගෙනුම ලබා සමත්වෙන්න ඕන ඇත්තටම සංකෘතික ඇමතිතුමා මේගැන නොබලන්නෙ ඇයි
ඔව් ලංකා පුත්‍ර ,පොලිසිය කියන වචනේ ගොඩ වැඩී .ඒක නිසා තේරෙන්නේ නෑ