
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුව මංකුලිය කළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවත් බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය එම මෙහෙයුම ක්‍රයාත්මක කළ බවත් නාවික හමුදාව කීය.
සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් දහයක 10 අසුරන ලද, කේරළ ගංජා කිලෝ 400 යි ග්‍රෑම් 810 ක තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස භාරයට ගත් බවත් ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදුන් බවත් නාවික හමුදාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා භයානක තත්වයක්. නිපා වෛරසය දැනටමත් ලංකාවට ඇවිල්ලද දන්නෙ නෑ. කේරලය දැන් සහමුලින්ම වාගේ ලොක් ඩවුන්. ශ්‍රීලංකාවට ලේසියෙන් ඇස් ඇරෙන්නෙ නෑ. අපේ සෞඛ්‍ය සේවය එතරම් කාර්ය්‍යක්ෂමයි.