
(ඉන්දිකා රාමනායක)
විදේශ රටක සැඟව මෙරට පාතාල මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 250 ක්, සමග ජාඇළ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ගමන් බෑගයක උණ්ඩ 250ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 5ක් අයිස් මත්දුව්‍ය ග්‍රෑම් 112ක්, විද්‍යුත් තරාදියක්, එකම ඡායාරූප යෙදු ජාතික හැදුනුම්පත් 3ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ මුදා 15 ක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31ක් පුද්ගලයන් ය.
සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd