( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පෙදරේරුවකු බවත් පොලිසිය කියයි.
පුද්ගලයකු ගජමුතු දෙකක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් අනුව ඒවා මිලදී ගන්නා මුවාවෙන් ගාල්ල නගරයට ගෙන්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් මෙම ගජමුතු දෙක ලද ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර ප්‍රදේශයේ මිතුරකු ලබාදුන් බවට අනාවරණය කර ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අල්ලපු උන් ඔය ටික තම්බලා පොලුත් එක්ක කාපල්ලා