(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ රුපියල් කෝටි 987 ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය.
ඒ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එහි ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. මෙසේ කටයුතු කිරීමේදී කිරීමේ දී ළැබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව කමිටු සභාපතිවරයා පැවසුවේය.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය නොකිරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය. මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන සේවා මත ප්‍රසම්පාදන කටයුතු කළ යුතු වුවත් රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවා පෞද්ගලික ආයතනයක් තෝරාගැනීම පිළිබඳවද කමිටුව මෙහිදී ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට කෝ දඬුවම් ?