
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒම මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝර්ක් නිව්යෝර්ක් නුවරදී පැවසුවාය.
සංචාරක කේෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද ජෝර්ජිවා මහත්මිය ප්‍රසාදය පළ කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළහි ප්‍රගතිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාවගේ ඇගයීමට ලක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කළේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත සහ මහින්දානන්ද වගේ උගත්තු සහභාගී උනේ නැතිද