
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපියට අනුව කටයුතු කිරීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ලිපියට අත්සන් කළ පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාම හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසමින් නිකුත් කළ ලිපියටද අත්සන් තබා තිබීම සැළකිල්ලට ගනිමින් දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.
ඔක්තෝම්බර් මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම් සරත් ඒකනායක මහතාට නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි කියමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ලිපිය අභියෝගයට ලක්කරමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා ගොනු කළ පෙත්සම සම්්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනාවන්ට දින 14ක් තුළ පිළිතුරු සැපයීමට නියම කරමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට එරෙහිව නිකුත් කොට ඇති ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මෙම පෙත්සම ගොනු කොට ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පක්‍ෂයේ විනය කඩකළැයි චෝදනා කරමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 18 වැනිදා ලිපියක් නිකුත් කොට ඇතැයි කීය.
දින 14ක් තුළ පිළිතුරු සපයන ලෙස අදාළ ලිපියෙන් තම සේවාදායකයාට දැනුම් දී ඇතැයි පවසු ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා එම ලිපිය නිකුත් කොට ඇති ආකාරය නීතීවීරෝධී වන හෙයින් එම ලිපිය ක්‍රියාත්මක කිරරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකා ආවත් අපිට වැඩක් නෑ බන්
තම පක්ෂය හදාගන්න බැරි මනුස්සයා රට හදයිද