IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නොකියා රට ගිය හෙදියට දිගටම පඩි

(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගත වී ඇති අතර ඇය එසේ විදේශගත වන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම්දීමක් සිදු කොට නොමැති බවද වාර්තා වේ .

ඇය විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් එම හෙද නිලධාරිනියට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගිණුම් ගත වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ වී තිබේ

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගෙන් සහ මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාල ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ .

 



අදහස් (2)

නොකියා රට ගිය හෙදියට දිගටම පඩි

Dayan Wednesday, 20 September 2023 04:53 AM

ආණ්ඩුව විතරක් පළි නැහැ මේවට. මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕනෑ.

:       1       16

සුජිත් Wednesday, 20 September 2023 11:29 AM

තෙල්දෙදෙනිය රෝහලට අතිරික්ත හෙදිය හතරලියැද්ද රෝහලට අනුයුක්ත කර තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කෙරෙන්නේ මෙහෙම වැඩට උදව්වක් වෙන ආකාරයට තමයි... මේ ස්ථාන මාරුව සම්බන්ධ ලිපි ලේඛන තවමත් ඒ ඒ තැන්වලට ලැබී නැතුව ඇති... එනිසා තෙල්දෙණිය අය හිතනවා ඇත්තේ හතර ලියැද්දට ගියා කියලා හතරලියද්දේ අය හිතනවා ඇත්තේ තෙල්දෙණියේ කියලා විමර්ශනය කරද්දී ඒවා බලන්න මේක තනිකරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්‍යාලයේ වරදක් තමයි. ග්‍රාමීය රෝහලේ බලධාරීන්ගේ අනවධානය ගැනත් විමර්ශනය කළොත් හොඳයි. මමත් ඔය කාර්‍යාලයේ නැතත් වෙනත් දිස්ත්‍රික්කයක දෙපාර්තමේන්තු කාර්‍යාලයේ මූලික විමර්ශන කරපු නිසා ඔය විස්තර ලිව්වේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site