IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන නිලධාරීන්ගේ බලතල ග්‍රාම නිලධාරීන්ටත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුත් වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම  නිලධාරී වරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන්  පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාල  සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කී අමාත්‍යවරිය දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට,ඉඩම් නිලධාරීන්ට, ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බව කීවාය.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරිය මේ බව කීවාය.



අදහස් (7)

වන නිලධාරීන්ගේ බලතල ග්‍රාම නිලධාරීන්ටත්

ලුම්බිණි Wednesday, 20 September 2023 01:31 PM

ඒ එක්කම ග්‍රාම නිලධාරීන්ගේ බලතල වන නිලධාරීන්ටත් දෙන්න...!

:       0       7

chathuri Wednesday, 20 September 2023 02:03 PM

හරි ෂෝක් එකට තියේවි. දැනටත් සමහර දූෂිත ග්‍රාමයෝ හොරට ගස් කප්පනවා. ඔවුන්ට වන නිලධාරීන්ගේ බලය දුන්නොත් මුළු කැලෑවම කපයි...

:       0       16

Athula kWednesday, 20 September 2023 04:29 PM

කැලේ ගස් හොරුන්ගේ සගයින් තමයි ග්‍රාම නිලධාරීන්...

:       0       3

Lalith Pelmadulla Wednesday, 20 September 2023 06:01 PM

මෙහෙමනේ චතුරි නෝනා වැඩේ. දැනට සිටින බොහෝමයක් ග්‍රාම නිලධාරින් 1994 න් පස්සේ බඳවා ගත්තු අයනේ. ඉතින් මේ කට්ටිය මුලින්ම 1994ට පෙර තිබුණු එජාප ආණ්ඩුව අනුගමනය කරලා සමෘධිමත්ම පිරිසක් රජයේ සේවයේ යෙදෙව්වා. ඉන් පස්සේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා ඔවුන්ගේ පිරිසක් අනුයුක්ත කළා. මේ පිරිස කෙළින්ම 1994 මැතිවරණය වෙනුවෙන් වැඩ කරපු පිරිසක් කියලා රටම දන්නවා. ඒකට සැලකීමක් හැටියට හා මීයක් කඩන්නෙ අත ලෙවකන්නම නොවන නිසා කරන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා නම් හොඳයි. (ඉස්සර අපේ ගම්වල අම්මලා අබ, අමුමිරිස්, මුරුංගා පොතු, විනාකිරි, රතුළූණු දාලා කෑමක් හැදුවා. මට අනෙක් කළමනා මතක නැහැ වගේ කෑමේ නමත් මතක් වෙන්නේ නැහැ. මට හිතන්නේ මුන්දෑ රට කෑමට ඒක හදන්න තමයි උත්සාහ කරන්නේ කියලා)...

:       0       3

ජයන්ත Wednesday, 20 September 2023 03:32 PM

අච්චාරු සෑදීමට සුදුසුම පුද්ගලයා

:       0       3

Nimal Wednesday, 20 September 2023 04:50 PM

ඔක්කොම බලතල ධම්මික මහතාට දෙන්න.

:       0       2

Bunny Preena Thursday, 21 September 2023 09:34 AM

මල කෙලියයි .ග්‍රාම සේවක නිලධාරීන් සතුන්වයි මිනිසුන්වයි පටලවලා ගනීද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site