IMG-LOGO

‘ජනපති කාර්යාලයේ වාහන 28 ක් රක්ෂණය කර නෑ’

 (මුදිතා දයානන්ද )

ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25ත් 30ත් අතර වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

එම විගණන වාර්තාවට අනුව අදාල අධිආරක්ෂිත හා අනුරූප රථවල වටිනාකම අධික වීම නිසා රක්ෂනය වෙනුවෙන් වාර්ෂිකව එක් වාහනයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවේ.

 එම අධික පිරිවැය සළකා රක්ෂණය කර නැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණන්දීමේ නිලධාරී විසින් විගණකාධිපති වෙත දැනුම් දී තිබේ.

රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බවද එහෙත් එසේ සිදුකර නොමැති බවද එම වාර්තාවේ සඳහන්වේ.

 

 



අදහස් (7)

‘ජනපති කාර්යාලයේ වාහන 28 ක් රක්ෂණය කර නෑ’

Nimal Wednesday, 20 September 2023 03:59 PM

මාර්ග නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් ද්විත්ව ඉරි කපාගෙන වාහන ධාවනය කරන සැටි පෙන්නන්නේ නැතිද? එක රටක්, එක නීතියක් කෝ?

:       1       12

ajithWednesday, 20 September 2023 08:43 PM

ජනපති කාර්යාලයේ වාහන 28 ක් රක්ෂණය කළහොත් රක්ෂණය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කොටි 56ක් පමණ වියදම් දැරීමට රජයට සිදුවේ. මාර්ගයේ ගමන් කිරීම සඳහා ඕනෑම වාහනයකට රක්ෂණයක් අනිවාර්ය වේ. එසේ වුවත් මිල අධික වාහන රක්ෂණයට මුදල් වියදම් කළහොත් අස්වැසුම වැඩසටහනට මුදල් ලබාදීමට නොහැකි වනු ඇත. රටේ මිනිසුන් තීරණය කළයුතු වන්නේ රක්ෂණයක් නොමැති වාහනයක් රක්ෂණය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමද? එසේ නොමැතිනම් රක්ෂණය සඳහා දරන්නා වූ වියදම දුප්පත් මිනිසුන්ගේ අස්වැසුමට යොදවා පවුල් ලක්ෂ ගණනකට අදායමක් ලබාදීමද යන්න සිතාබැලිය යුතු කරුණකි...

:       4       2

සුගතපාල ද සිල්වා Wednesday, 20 September 2023 05:07 PM

කොපමණ කාලයකට පෙරද කියලා මතකයේ නැහැ. නමුත් වාර්ෂිකව ආදායම් බලපත්‍ර නිකුත්කරන අවස්ථාවල රජයේ වාහන සඳහා ගත්තේ ආයතන ප්‍රධානියා හෝ බලයලත් නිලධාරි කෙනෙක් අත්සන් කළ ආකෘති පත්‍ර හා ඉල්ලුම් පත්‍රය පමණයි.. ඒ කාලයේ රජයේ වාහන සඳහා රක්ෂණ සහතිකය ගත්තේ නැහැ. කොහොම වුණත් පළාත් සභා ඇතිකිරීමට පෙර රජයේ වාහන සඳහා රක්ෂණ සහතික ගත්තේ නැහැ. ගාස්තු අයකළේ නැහැ. ඒත් සංස්ථා හා මණ්ඩලවලට ඒක අදාල වුනේ නැහැ. හරියට ලංගම සඳහා දුම් සහතිකය නොගන්නවා වගෙයි...

:       0       5

Rata Perata Wednesday, 20 September 2023 05:33 PM

ඕක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. රටේ මහ එකම නීතිය නවනකොට අනිත් ආයතන, මිනිස්සු ගැන කවර කතාද?

:       0       5

අරවින්ද මොනරවිල Wednesday, 20 September 2023 08:15 PM

රුපියල් කෝටි 25ත් 30ත් අතර වටිනාකමක් ඇති වාහනවල යන්න තරම් වටිනා එවුන් ඔය කාර්යාලයේ ඉන්නවද.?

:       1       5

Prabha Wednesday, 20 September 2023 09:32 PM

ජනාධිපතිත් හොර පාරෙන් වෙනකොට වාහන ගැන කුමන කතාද ?

:       0       0

Kumar Thursday, 21 September 2023 12:19 AM

නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 637 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site