IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිලීපන් සමරුව: කොළඹ-අවට පොලිසි 12 ක් සීරුවෙන්

(නිමන්ති රණසිංහ)

එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ව සිට මියගිය රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ නගරයේ හෝ ඒ අවට අනුස්මරණ උත්සව පවත්වා ඉන් සාමය කඩවීමේ සහ මහජන පීඩාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ පොලිස් ස්ථාන 12කට අද (19) නියෝගයක් නිකුත් කළේය.

මෙම අනුස්මරණ ගුණසමරුව පැවැත්වුවහොත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන පනතේ 106 (01) වගන්තිය අනුව මහජන පීඩාවක් සහ අනතුරක් සිදුවන අයුරින් මෙන්ම මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසට කොළඹ අවට පොලිස් ස්ථාන කිහිපයක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2011 වර්ෂයේ අගෝස්තු 29 වන දින 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිකුත් කළ 1721/2 දරන ලේඛණයෙන් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙසට නම් කර ඇති බවත්, මේ හේතුවෙන් එම තහනම් සංවිධානයේ හිටපු සාමාජිකයකු සිහිකිරීමේ අනුස්මරණයක් පැවැත්වුවහොත් එමගින් රටේ සාමකාමී මහජනතාවගේ සාමයට බාධාවක් වනු ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

සන්ජුලා ඕෂනී පීටර්ස්, තරිදු උඩුවරගෙදර, ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතු`ථ එම සැමරුම සදහා සහභාගී වන සියලුම අය වගඋත්තරකරුවන් කරමින් කෙසෙල්වත්ත පොලීසිය මෙම කරුණු වාර්තාකිරීම අධිකරණයට කර තිබිණී.

කෙසෙල්වත්ත, පිටකොටුව, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, වේල්ලවීදිය, කොටහේන, දෙමටගොඩ, වැලිකඩ, බොරැල්ල සහ කුරුදුවත්ත යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් අධිකරණයට පැමිණ මෙම ඉල්ලීම සිදුකළහ.



අදහස් (5)

තිලීපන් සමරුව: කොළඹ-අවට පොලිසි 12 ක් සීරුවෙන්

කිරිපුතා Tuesday, 19 September 2023 07:58 PM

කොටි දැන් කොළඹ ට ම ඇවිත් උඩ පනින්න හදනවා. කෙනෙක් බලයට ආපු ගමන් ඔය සෙල්ලම හැමදාම වුණා. රටට හරි හමන් රජෙක් නැති අවනඩුව කාට කියන්නද ?

:       2       3

අරුන Tuesday, 19 September 2023 10:53 PM

නාකි මයිනාගේ ගේ ගිනිබත් කරලා දැන් අපි යමු තිලීපන් සමරන්න. නාකි මයිනා හිටියේ නැත්තං අද අපි මෙහෙම නෙමෙයි සමරන්නේ. නිවට අපි සිංහලයෝ වෙමු...

:       3       4

අරුණ Wednesday, 20 September 2023 07:43 AM

යුද්ධය අවසන් වී අවු 14ක් ගිහිල්ලත් මෙහෙම නම්, අකලට බිහිවුනු නරුම මිනිස්සු මහින්ද රාජපක්ශ මහමහත්තයාට අද නාකි මයිනා කිව්වට එදා එතුමා නොසිටින්නට අද අපිට සුලුතර ජාතියකින් පාලනය වන බහුතර ඔලමොට්ටල, නිවට ජනසමූහයක් වෙන්න තිබුනා.

:       6       8

සරත් කුමාර Wednesday, 20 September 2023 12:49 PM

මොන නිවට කමක් ද මේ..? තහනම් සංවිධානයක සාමාජිකයින් සැමරීමෙන් සාමය කඩවීමයි, අරවයි, මේවයි නෙවෙයි.. "තහනම්.. කවුරු හරි සැමරුවොත් දණෙන් පහළ නෙවෙයි.. මැරෙන්ඩම වෙඩි තියන්න" කියලා කියන්න කොන්දක් ඇති පාලකයෙක් නැද්ද..? කවුරුහරි බටහිර රටක් ඒක වැරැදියි කිව්වොත්, අමෙරිකාවේ ප්‍රධාන නගරවල "බින්ලාඩ්න්" ගේ ප්‍රතිමා හදලා, මල් මාලා දාපු දාට පහුවදා, අපිත් මෙහෙ LTTE සාමාජිකයෝ සමරන්න ඉඩ දෙන්නම් කියන්න නායකයෙක් අපිට නැද්ද..? මොන හිඟන වැඩද මේ..?

:       1       4

Bamunuarachchi Thursday, 21 September 2023 06:32 AM

පොලිස්සියට නිවාඩු දෙන්න අපි ඒ වැඩ කොටස කරන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site