IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වෙඩි තැබු කෙනා උද්දික හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19) පැවසීය.

රටේ කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රේමරත්න මහතා මෙසේ පැවසූවේ සිය වාහනයට අනුරාධපුරයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

උද්දික ප්‍රේමරත්න මහතා මෙසේද පැවසීය.

මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුවුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ. කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි. ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.

වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශවයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ. ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා. ඒ වෙනස ආදේශ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා.

 



අදහස් (21)

වෙඩි තැබු කෙනා උද්දික හෙළි කරයි

ලුම්බිණි Tuesday, 19 September 2023 11:11 AM

එළාරද බං බොට වෙඩි තිබේබෙ? අනෙප් පලයන් බං දුටුගැමුනු. බොගෙම කුලීකාරයො දාලා වෙඩි තියාගෙන දැං කියනවා ක්‍රමයලු වැරදි.

:       21       98

nimalTuesday, 19 September 2023 06:31 PM

"මේක කළේ කවුද කියන එකට වඩා" මට කියන්න තියෙන්නේ මේකයි. ( ඔහුගේ මේ ප්‍රකාශය තුල වෙනත් කතවක් ඇත ) මේක කළේ කවුද කියන එකත් අර නිවසට අසුචි ගැසූ සිද්දිය වගේ. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න වෙඩි තියලා / වෙඩි තියාගෙන හරියන්නේ නෑ. අසුචි ගසාගෙන හරියන්නේත් නෑ. වැරදි නිවැරදි කරන්න දැක්මක් සහ කැපවීමක් තිබිය යුතුයි, බුද්දීමත්ව සිතා කටයුතු කලයුතුයි. මිනිස්සු පාර්ලිමේන්තුවේ අවංකබාවය ගැන කතාකලට එළියේදී රගපාන්නේ වෙන චරිත. මේ අයගේ කතා සහ ක්‍රියාවන් විසවසකරන මිනිස්සු ලංකාවේ නෑ.

:       0       4

Bamunuarachchi Tuesday, 19 September 2023 11:13 AM

වෙච්ච සිද්ධි බලනකොට අපිට හිතෙන්නේ ඔහෙම වෙඩිතියා ගත්තා කියලා.

:       8       77

suneetha Tuesday, 19 September 2023 11:47 AM

වෙඩි කාලත් පරණ කතා

:       4       66

ජයන්ත ද මෙල් Tuesday, 19 September 2023 12:10 PM

වෙනස් විය හැක්කේ NPP විසින් පමණි!!!

:       39       82

abaran Tuesday, 19 September 2023 12:14 PM

මෙයා ඇත්තටම දුටුගැමුණු කියල හිතපු මෝඩ මිනිස්සු ටිකක් මෙයට චන්දෙ දුන්නා . ලබන පාර එහෙම වෙන්නේ නැති නිසා මෙයා දැන් කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නයි හදන්නේ . අනේ වැඳලා කියන්නම් අනුරාධපුරේ ජනතාවනි අයිත් නම් මේ මෝඩ වැඩේ කරන්න එපා .

:       11       83

බද්රානි Tuesday, 19 September 2023 12:56 PM

ඕක ඉතින් මොන්ටිසෝරි ළමයෙක් උනත් කියන, කවුරුත් දන්නා කතාවක්නේ...ඔය අහල පහල CCTV කැමරා ඇත්තෙම නැද්ද..? සැක නැද්ද කාවවත්..? ඒවල අදාළ වේදියෝ දර්ශන මැකිලද..? බලමු, පොලිසිය මොකද කරන්නේ කියලා... අපේ සමාජයේ පුස්සන්, වීරයන් කරන ක්‍රම ගැන අපි නම් දන්නවා...බලමු .. ඔහොම යංකෝ....???

:       5       63

මහසෙන් Tuesday, 19 September 2023 01:10 PM

වෙඩි තිබ්බේ පවතින ක්‍රමය නම් ඔතන.ඉන්න 225ටම වෙඩි තියන්න වෙයි.මුලින්.ඊට පස්සේ ඉතුරු ටික.

:       5       50

Aravinda Monarawila Tuesday, 19 September 2023 01:15 PM

කතාවෙන් නොවෙයි උද්දික වෙනස් වෙන්න ඕනේ ක්‍රියාවෙන් .ඔයා තාමත් හිටගෙන ඉන්නේ හොරුත් එක්ක .පුලුවන්නම් එතනින් ගැලවිලා ඇවිල්ලා නිවැරදි තැන හිටගන්න .එතකොට අපි ඔයාව පිළිගන්නම්

:       4       74

Nimesh Tuesday, 19 September 2023 01:22 PM

ටිකක් හොයලා බලන්න ඇයි වාහනේට රියදුරෙක් නැත්තේ කියල .සමහරවිට නැති රියදුරාගේ පඩියත් ගන්නවද දන්නේ නැහැ එහෙම වැඩ වලට ටිකක් ප්‍රසිද්ද කෙනෙක් කියල ආරංචි

:       3       43

සෑම Tuesday, 19 September 2023 01:30 PM

යකෝ මේවා අහලා වෙඩි කාලා මැරෙන්න හිනා

:       1       51

pj Tuesday, 19 September 2023 02:53 PM

ඇත්තටම ජනප්‍රිය නම් කවුරුවත් වෙඩි තියන්නෙ නැහැ නේද ?

:       0       37

chandimaTuesday, 19 September 2023 09:17 PM

එහෙනම් විජයකුමාරතුංග වෙඩි තිබ්බේ ජනප්‍රිය නිසාද ?

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 19 September 2023 03:54 PM

චූටි මොළෙන් පරණ තාලයේ ගේමක් ගහන්න ගිහිල්ලා මිනිහා අනාගත්තා. ඔබ නළුවෙක්ද වැඩ්ඩෙක්ද කියලා පෙන්වන්න නම් කරපු ප්‍රකාශ වල විධියට ක්‍රමය වෙනස් කරන්න මැරිච්ච පොහොට්ටුවෙන් අයින්වෙලා හරි පැත්තේ හිටගන්න.

:       0       2

Hafeel Tuesday, 19 September 2023 04:21 PM

මෙයාල තමයි දේශපාලන නොදන්නා වැඩකට නැති ගෞටාබයව දුටු ගැමුණු, පුටින්, මගදීර්, කී කුවාන් කියල වර්ණනා කරලා බලයට ගෙනල්ල රට නැත්තටම නැති කරලා, දැන් කියනව පවතින ක්‍රමය වෙනස් කරන්න ඕනලු.

:       0       3

විජේ Tuesday, 19 September 2023 05:38 PM

මාර වැඩේ, පව් ඔයා අලුවිහාරෙ මහත්තයා....... ඕක බන්ඩගෙ වැඩක් වෙන්න බැරිද?

:       0       2

chandima Tuesday, 19 September 2023 09:16 PM

හෙළිකරන්න දෙයක් නැහැ ඒ වෙඩි තිබ්බේ එකම ගෝලයෝ ලැයිස්තුවලට මාරු කරකර පොඩ්ඩන්ට ලැබෙන චන්ද වලින් ලයිස්තුවේ උඩ ඉඳන් උන් පාර්ලිමේන්තු ගෙන්න ගෙන එකාගෙයි දිග කමින් රටේ පාලන බලය අල්ලාගෙන රජකරන උන් බව අපි දන්නවා

:       0       2

සෙනෙවිරත්න Tuesday, 19 September 2023 10:03 PM

pj ජනප්‍රිය වෙන්න කෙසේවෙතත් පහුගිය දවස්වල ප්‍රසිද්ධ පාවහන් නිෂ්පාදන ආයතනයක අයිතිකාරයෙක් තමන්ගේම මිනිස්සු දාගෙන ගේට්ටුවට වෙඩි තියවාගෙන තිබුණා. පොලිසිය හොයාගෙන තිබුණේ. ඒව එහෙමම යට යන්න ඇති රටේ විදියට.... මේක එහෙම වෙන්නත් පුළුවන්...!

:       0       2

chandima Wednesday, 20 September 2023 04:39 AM

වෙඩිතියපු අයම ගෝලයින් දම්මලා ප්‍රතිචාර දානවා වෙන්න බැරිද?

:       0       3

darmapala Wednesday, 20 September 2023 04:46 AM

මෙයා බයවෙලා තියනවා. තමන්ම වෙඩි තියාගෙන පැමිණිල්ලක් දාපු වන්ගුව මාට්ටු වෙලා ඇතුළට රින්ගන්න වේවි කියලා... ඒකයි මෙයා දැන් කියන්නේ ' පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ' කියලා

:       0       4

සමන් Wednesday, 20 September 2023 12:35 PM

නූතන යුගයේ කැකිල්ලේ තීන්දුව. "වෙඩි තිබ්බ එකාව නෙවෙයි පවතින ක්‍රමය අත් අඩංගුවට ගන්න." ඇත්තටම කැකිල්ලේ රජ්ජුරුවන් කියලා කෙනෙක් හිටියද නැද්ද කියලා යන්තම් තිබුණු සාංකාවත් නැතිවුණා. දැන් පිළිගන්නවා එහෙම කෙනෙක් හිටපු බවත් එයා 20වෙනි සියවසේ අග භාගයේ ආපහු රජරට ඉපදිලා පරණ පුරුද්දට රටට නායකත්වය දෙන්න අළුත් කාලයේ රට කරවන තැනට ඇවිත් කියලා. හැබැයි ඉතින් අපි රටවැසියන් හැටියට පරණ කතාවෙන් පාඩමක් ඉගෙන ගෙන කැකිල්ලේ 2.0ට ආයේ නායකයෙක් වෙලා ගොන් තීන්දු දෙන්න ඉඩ තියන්න හොඳ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 9 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 7 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 72 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 21 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 23 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මන්ත්‍රීවරු බිලිබාගන්න හැදුවොත් ඔක්කොම අල්ලලා හිරේ දානවා
2025 මැයි මස 09 123 0

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site