IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය  හමුවට කැඳවීමට රජය  කටයුතු කළ යුතු යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ඒ ප්‍රහාරයට  සම්බන්ධ වෙච්ච සියලු දෙනා නීතිය හමුවට කැඳවන්න කටයුතු කරන්න ඕන. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක්.උද්දික  මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කරන්න.  ප්‍රහාරය ගැන  ඉක්මනින් විභාගයක් කර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට දඬුවම් කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:

මේ සිද්ධිය භයානක එකක්. වෙඩි තැබූ පුද්ගලයා සොයා ගන්නවට වඩා වෙඩිතැබීමේ කුමන්ත්‍රණය සොයා ගැනීම වැදගත්. කුමන්ත්‍රණය පසුපස ගොස් මේ පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්න කියලා පොලිසියෙන් ඉල්ලනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා:

මේක සාමාන්‍ය කාරණයක්  විදියට සලකන්න එපා. සියලු මන්ත්‍රීවරුන්ට එල්ලවූ තර්ජනයක් හැටියට දකින්න ඕන. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න.



අදහස් (2)

උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

Bamunuarachchi Tuesday, 19 September 2023 11:09 AM

ඔව් ඔව් ලොක්කා ඔයා කියනකම් තමයි හිටියේ.

:       2       12

aravinda Monarawila Tuesday, 19 September 2023 01:23 PM

දැන් අදහස පැහැදිලියි .ගොනා හැරුනේ පොල් පැලය කන්න නොවෙයි පුන්නක්කු කන්න කියලා

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site