
(අංජුල මහික වීරරත්න)
වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කතානායක කරු ජයසූරිය මහතා ජේ.ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී අද (17) පැවසීය.
කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම සැමරුම පැවැත්විණි. අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් කරු ජයසූරිය මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.
එම පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළාය. කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ඇමතිනි සහ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෙවල, ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරන් වන රුක්ෂන් ජයවර්ධන, අම්රිත් ජයවර්ධන මහත්වර ද සැමරුමට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රත්තරන් රට විනාශ කරපු අය...
1970ට කලින් සංවර්ධිත රටක් අමු අපායක් කළ කෙනෙක්...!
රට කෑවා...
මැරවර දේශපාලනයක්...
අපේ පවට බිහිවූ දේශපාලකයින්...
මිනීමරු ස්ත්‍රී දූෂකයින්ට ජනාධිපති සමාව දී දිවයිනටම බලපාන විදියට අපරාධකාරයින්ට සමාව දුන්නේ කවුද?
දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න පොලීසියට නිවාඩු දුන්නේ මෙයා තමයි...
මෙයා කරලා ගිය අපරාධ නැවත ආ පස්සට හරවන්න බැහැ. රට විනාශ කළා. මෙයා ගැන කියන්න තියෙන්නේ මොන හොඳක්ද? දැන් ඉන්න හැතිකරේටත් කියන්න තියෙන්නේ මේවාම තමයි. ඔබලා මැරුණාමත් මිනිස්සු කියන්නේ මේවාම තමයි.
මට ඔටුනු පළන්දන්න කුමාරයෙක් නැහැ... කිව්වාට සමස්ත දරුවන්ගේ බෙල්ලම කපලා දැම්මා නේද?
අද අපි දුක් විඳින්නේ මේ වගේ දේශපාලකයින් රට පාලනය කළ නිසා. ඇත්තටම මේවාට වග කියන්න ඕනේ අපේ මුතුන් මිත්තන්. අපි විතරක් නොවෙයි, අපේ අනාගත පරපුරටත් දුක් විඳින්න වෙනවා...
මෙයා එක්කෙනෙක්... මේවට වගකියන්න ඕනේ...