(ඉන්දිකා  රාමනායක)

මිරිහාන පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ   රන් භාණ්ඩ පැමිණිලි කරුවකු වෙත මුදා නොහැර  මහරගම  සහ නුගේගොඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස්කර.  මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව  මිරිහාන පොලිසිය පවසයි.

සැකකරු සිද්ධියෙන් පසු පොලිස් සේවය අතහැර  අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම සැකකාාර උප පොලිස් පරීක්ෂක මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ භාරව කටයුතු කර ඇති අතර,  එහි තිබු  පැමිණිලි කරුවකුට අයත් රන් භාණ්ඩ එම පැමිණිළිකරුට   මුදා හරින ලෙසට     නුගේගොඩ අධිකරණය මගින්  2023 .7.31 දින  නියෝග කර තිබියදීත් උප පොලිස් පරීක්ෂක එම භාණ්ඩ පැමිණිලිකරුට මුදා හැර ඒවා මෙලෙස උකස් තබා මුදල් ලබාගෙන, පොලිස් සේවයේ ද අතහැර ගොස් ඇති බව පොලිසිය.