(යොහාන් භාසුර)

මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවය අත්හිටුවීම කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසීය.
ලංගම තුළ දැඩි කොන්දොස්තර හිඟයක් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් රියැදුරන් 900 ක පමණ සංඛ්‍යාවක් බඳවාගැනීමට නියමිත බව ද සඳහන් කළේය.