(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මව සහ පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ කුඩා දැරියක් මිය ගිය බව මරදාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ කොටහේන වාසල පාර පදිංචිව සිටි ආශිර්වාදිනි අභිමානි නැමැති හය හැවිරිදි දැරියකි මියගිය දැරියගේ පියා වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබූ බව පොලිසිය කියයි.

ඔහු ඉකුත් වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු බවත් වෙඩි තබන අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ බිරිඳ සහ කුඩා බැරිය ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

මියගිය දරුවාගේ පියා වන එම පුද්ගලයා මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තට සහභාගී යළි නිවස කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කර ඇත.