
(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවිර)
අනුරාධපුර වාහල්කඩ අලුතින් ඉදිකළ සති පොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ජනපදවාසීන් වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයනට සිදු විය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරිය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණි.
ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් දේශපාලන අධිකාරියේ කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවීය.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ලේකම් රෝෂිණී මහත්මියගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී ඇය ඊට පිළිතුරු නොදී දුරකථනය විසන්ධි කළාය.
මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බව වාහල්කඩ ජනතාව අප හා කීහ.
සති පොල විවෘත නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු ආපසු හැරී පිටත්ව ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජන මුදල් නාස්ති කරන මේ ගොන්පාට් සංවිධානය කරන රාජ්‍ය නිලධාරීන්ට ගහන්න ඕනෑ මඩු වලිගෙන්...!
කොන්දක් තියෙන ජනතාවක්. මගේ උපහාරය. නියමයි එහෙම තමයි වෙන්න ඕනෑ. ඉදිරියට ජයවේවා ජනතාවට...!
බත් පැකට් එකයි, අරක්කු කාලයි, රුපියල් 1000ක් දීලා බස්වලින් සෙනග අද්දගන්නත් බැරි තත්වයකද දැන් තියෙන්නේ...?
කැබිතිගොල්ලෑවේ වාහල්කඩ අසරණ දුප්පත් එහෙත් උගත් ජනතාවට උපහාර වේවා
ඔන්න මොලේ ඇති මිනිස්සු .රටටම ආදර්ශයක්
මේ රටේ තවමත් " කොන්ද පණ ඇති " සත්‍යය හඳුනන, දූෂිත, අසික්කිත, මිනීමරු, හොර දේශපාලුවන් පිටු දකින, උතුම්, නිර්භීත මිනිසුන් සිටින බවට හොඳම නිදසුනක්. වාහල්කඩ ප්‍රදේශයේ මහත්වරුනේ ඔබ සැමට මගේ ආචාරය... !!!
මොකටද ඔය මහීපාලට දෙවරක්ම ගරු කියලා දාලා තියෙන්නේ...? සාමාන්‍යයෙන් කෙනෙකුගේ තනතුරට ගරු කියලා දැම්මත් නමට ගරු කියලා දාන්නේ ඔහේට මොංගල්ද ?රෝෂිනි, ඊළඟට පොල විවෘත කරන්න දේශපාලුවෝ ආවට උන්දැලා ඔවුන්ගේ කෙරුවාවල් කියනවා මිස පොළෙන් මොනවත් ගන්නේ නැහැනේ... ඔතන බඩු මොනවත්ම නැතුව පොළ විවෘත කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැහැ... මම හිතන්නේ නැහැ. ඔය අභීත ජනතාව කිසිදාක දේශපාලුවෝ විවෘත කරනතුරු ඔතැනට ඒවි කියලා.. ඒ නිසා ඕක ඔහේලාම විවෘත කරන්න... නැත්නම් ඉතින් ඔහෝම තියේවි.
"දේශපාලන අධිකාරිය", මහ ලොකු එක, ඕකුන්ලාව පුම්බන්න එපා... රටටයි පාඩු... වාහල්කඩ ජනතාවට රටේම ජනතාවගේ ප්‍රසාදය...!
අන්න කොන්ද ඇති මිනිස්සු...!
මේ සිදුවීමත් සමග 88/89 කාලේ තුණ්ඩු කෑල්ලෙන් කඩ වහපු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන ජනශුන්‍ය කළ ගල්කටස් ක්‍රමවේදය කිසිවකුට හෝ මතකයට ආවා නම් අපට කළහැකි දෙයක් නැත. නමුත් අපේ අසහායනායක අනුර සහෝදරයා ඊළඟ ඡන්දයෙන් ජනාධිපති වූ පසු ජනතාවට මෙවැනි විකාර කරමින් රාජ්‍ය උත්සව කඩාකප්පල් කිරීමට ඉඩ ලැබෙන්නේ නැත...
සතිපොල විවෘත කරන්න මොකටද උත්සව...? මහජන මුදල්... දේශපාලුවන්ගේ ගසාකෑම්වලින් පසුව ඉතිරිවන සොච්චම තව අයට උත්සව පවත්වන්නත් වියදම් කරනවාද? කොන්ද පණ තියෙන මිනිස්සුන්ට ප්‍රණාමය...
මේවා රට ගොඩනැඟීමේ සාධණීය ලක්ෂණ... මේ ආකාරයට දිගටම ප්‍රතිචාර දැක්වීමට මේ රටේ ජනතාවට නුවණැස පෑදේවා! කියා ප්‍රාර්ථනා කරනවා
වාහල්කඩ පළාතේ බත් පාර්සලයයි, අරක්කු බෝතලේටයි වහල් වෙන්නේ නැති කොන්ද කෙළින් තියාගෙන, හොඳ ආත්ම ගෞරවයක් ඇතුව වෙසෙන ජනතාවක් සිටින පළාතක් බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක්. අනෙකුත් පළාත්වල උදවියත් මෙවැනි ක්‍රියාවන් තම පළාතට ගැලපෙන පරිදි මෙය ආදර්ශයට ගත්තොත් හොඳයි.
අනුරාධපුර කොන්ද පණ ඇති එඩිතර මිනිස්සුන්ට ප්‍රණාමය.. ආඩම්බරයි...!
වාහල්කඩ ජනතාව දුෂිත දේශපාලන අධිකාරියට අපූරු පාඩමක් උගන්වා ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩකර ඇත. අනෙකුත් පළාත්වල ජනතාව විරෝධාර වාහල්කඩ ජනතාව අනුගමනය කරත්වා...!
කොන්ද පණ ඇති රජරට මිනිස්සු. අනිත් පළාත්වල අයටත් හොඳ ආදර්ශයක් කොන්ද කෙළින් කරගන්න.
මේ ක්‍රියාවට යහපත් ප්‍රතිචාර දක්වද්දි ,මේකට රිදිච්ච වහලෙක් තම පුරුදු වහල් ක්‍රමයට එල්ලවන තර්ජන දැක, කොහේවත් නැති අනුරයෙක් අල්ලාගෙන මුව හමට තඩි බායි, මේ සියල්ලෙන්ම පෙනෙනුයේ මෙම දුෂ්ඨ ක්‍රමය වෙනස් කිරීමට හැකි එකම පුද්ගලයා අනුර බව නොවේද?
මහීපාල ,චන්ද්‍රසේන යනු දුටුතැන කෙල ගසා එලවිය යුතු දේශපාලන අම්බරුවෝය. ඔවුනට නිසි තැන පෙන්වූ ජනතාවට තුති.
ජනතාව කළ වැඩේ නියමයි.. පට්ට.. සුපිරි.. කියන්න වචන නෑ.. ඉදිරියේ එන ඡන්ද රැස්වීම්වලටත් ඔය දේමයි කරන්න ඕනේ... අප්පුහාමිලාත් දැන් දතකට මැදගෙන බලාගෙන ඉන්නේ උන්දාලාගේ හොරි කහන්න තවත් කොච්චර මිනිස්සු ඉන්නවාද කියලා බලාගන්න.. තව දෙයක්.. කිසිම වෙලාවක ගිලන් රථයකට, ගිනි නිවන රථයකට හැර වෙනත් නලාකාරයෝ කාටවත් ඉඩදෙන්න එපා.. පොලිසියටවත් එපා.. ඒ කිසිකෙනෙක් එහෙම ගිහින් සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපට කරපු දෙයක් නෑ..
මෙවැනි කොන්ද පණ තියන ජනතාවක් සිටින එක ගැන අප සැමටම ආඩම්බරයක් වෙනවිට තවතව මෙවැනි ක්‍රියා රටතුළ පැතිරේවායි පතමි. එතැනට ආවත් ඇවිදින මොවුන්ට අතිශයින් බැණවැදිය යුතුයි.
ලංකාවේ හැම තැනම මෙසේ වේවා.