(අමදෝරැ අමරජීව)
උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන අද (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය
තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් මහතාටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දුන් අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන ගියහ.
මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගත් බව ප්‍රෙද්ශවාසීහු කියති.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා වරයා කැබ් රථයෙන් බසිද්දි අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට්වලින් පහර දුන් බවත් මග හරස් කර විරෝධතාව දැක්වු පිරිස් අතර කාන්තාවන් ද සිටි බව ප්‍ර දේශවාසීහු කියති.
පැමිණි රථ වලට ගල් මුල් ප්‍රහාර එල්ල වු අතර සරසන ලද කැබ් රථයේ සැරසිලිද කඩා දැමුහ. එල්ල වු ගල් මුල්වලින් කැබ් රථයටද හානි සිදු වූ බවත් පසුව පැමිණි වාහන ආපසු හරවා ගෙන තඹලගමුව දෙසටපලා ගිය බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොහොමද වදින වැදිල්ල. දුවන්න දෙනවා කියන්නේ ඕකට. මොන ක්‍රිකට් මැච්ද? මේ ගැහිල්ල නේ නියම ගැහිල්ල.
ප්රවෘත්ති වලට මැච් එක පෙන්නුවා. මට මොන මැච්ද කස්ටියට එලෝ එලෝ ගහන හැටි බැලුවා. ගැහැණු කෙනෙක් පොල්ලකින් ගහනවා. මේක සිද්ද වුනේ මාතර නොවෙයි... උතුරු නැගෙනහිර දොරකඩ, තිරිකුණාමලේ. ජෙප්පෝ යනවා දෙමළුන්ට පන්දන් අල්ලන්න. ඔවුන්ට වදින්නේ ඔහොම නොවෙයි...
ගජේන්ද්රන්ලට අපලයි වගේ