(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව 2025ට පෙර ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය ජූලියන් බ්‍රාසූ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝඩ්න් හූක් සහ එහි අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් ශැනොන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ඔවුන්ගේ මෙම සංචාරයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මුල්‍යකරණයට එරෙහි (AML/CFT) රාමුවේ ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයට තීරණාත්මක අවබෝධයක් ලබා දීම බව ජනාධිපති කාර්යාලය පවසයි.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමත් සමග ඇතිවී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වලක්වා ගැනීම වෙනුවෙන් ඵලදායී ලෙස සූදානම් වීම සඳහා, ශ්‍රී ලංකාවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීමේ සූදානමක් ද පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවේ ඉන්න හොරෙන් රත්රන් ගෙනාව මන්ත්‍රී හාමුදුරුවෝ පන්නල ඔය පනත්වලට අත උස්සන්න සුදුසුකම ඇති අයෙක් ගත්තනම්.....