(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමට සහ කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය ලී යුංග් සීක් මහතා එකඟතාව පළකළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.  

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනය පරිදි කොරියනු රජයේ කම්කරු සහ රැකියා අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (14) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් වසර 20 කට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දීමේ හැකියාව ලැබෙනු ඇති බවත් කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වූ බවත් අමාත්‍යවරයා කීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරු දෙදෙනා අතර නිල හමුව අද පැවැත්විණි.