(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට  පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්ගල පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි.

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා අවිස්සාවේල්ල නිවසේ සිට කිතුල්ගල  පොලිසියේ රාත්‍රී සේවයට බස් රථයකින් යමින් සිටියදී යාබද අසුනේ සිටි තරුණියට ලිංගික අතවර කර ඇති අතර ඇය විසින් ඒ බව සිය පියාට දුරකතනයෙන් දැනුම් දීමෙන් අනතුරුව පියා විසින් මිතුරන් පිරිසක් සමග පැමිණ බස් රථය නවතා පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත