IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිංහල අවුරුද්දෙන් පසු ප්‍රධාන පක්ෂයක් අතුරුදන්

(අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම අනාවැකිය ලියා තියා  ගන්නා ලෙස ද අබෙිවර්ධන මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායක හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන බව කී අබෙිවර්ධන මහතා ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළහොත් ජනතාවට අවශ්‍ය පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, භුමිතෙල් ලබාගන්න බැරි වනු ඇතැයි කීය.

 මුලින්ම අපි ආර්ථිකය ස්ථාවර කර  මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය මුදල් සොයාගත යුතු බව කී අබෙිවර්ධන මහතා ඉන් අනතුරුව  ඕන මැතිවරණයක් පවත්වන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.

පැරණි දේශපාලන ක්‍රමවේදයෙන්  මේ රටේ බලය අල්ලන්න හෝ තවදුරටත්  රට ඉදිරියට ගෙනියන්න බැරි බව කී අබෙිවර්ධන මහතා ජනාධිපතිවරයා ද ඒ කාරණය පිළිගෙන ඇති බව සඳහන් කළේය. 

 විපක්ෂය තවදුරටත් පැරණි දේශපාලන ක්‍රමවේදයම ක්‍රියාත්මක කරමින් සිටින බව කී අබෙිවර්ධන මහතා  ඒ ක්‍රමය තාවකාලික බවද  විපක්ෂය කරන වැඩෙන් සිද්ධ වෙන්නේ  රට නැවත වතාවක් අමාරුවේ වැටෙන එක බව සඳහන් කළේය.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක  අකිල විරාජ් කාරියවසම් මහත්වරු  ප්‍රමුඛ එජාප  නායකයෝද  මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (12)

සිංහල අවුරුද්දෙන් පසු ප්‍රධාන පක්ෂයක් අතුරුදන්

Surain Wednesday, 13 September 2023 01:38 PM

පිස්සන් කොටුවේ ඉන්න ඕනේ අය කතාකරන කොට ඔහොම තමයි. අනික ගඟෙන් එහාපැත්තෙත් නෑ.

:       8       66

Dharmatileke Wednesday, 13 September 2023 01:41 PM

UNP දෙවන සහ අවසාන වාර්තාවත් ඉවරයි.

:       6       60

රාවණා Wednesday, 13 September 2023 01:51 PM

වජිර මහත්තයෝ ඔය බයිලා ගහලා ජනාධිපතිවරණය එහෙම කල් දාගන්න බලනවා නෙවෙයි ඕන්...!

:       5       47

Sethuhami Wednesday, 13 September 2023 02:02 PM

එජාපය... කැට තියලා කියන්නම්...!

:       3       37

Aravinda Monarawila Wednesday, 13 September 2023 02:04 PM

මේ නොකියා කියන්නේ එජාපය ගැනම තමයි.

:       3       37

de silva Wednesday, 13 September 2023 02:05 PM

නොදැනුවත් කම පුදුම වෙන්න දෙයක් නැහැ. මේවගේ කෙනෙකුට මිනිස්සු මනාපෙ ගහවිද? ගාලු දිස්ත්‍රික්කයෙන් මනාප 5000 ගන්න බැහැ. මෙයා හිතන් ඉන්නේ තවම මෙයා ජීවත් වෙන්නේ 2019 කියලා. 2020 දී ප්‍රධාන විපක්ෂයේ 3% වැටුණා.

:       6       30

sarath Wednesday, 13 September 2023 02:08 PM

මෙයා ගණන හදන්නේ පාසලේදී වගේ 1,2,3, වශයෙන්, 3% ගත්තු එජාපයේ තමයි මෙයාගේ ගණිත ශාස්ත්‍රය අනුව ඉහළින්ම ඉන්නේ ඊළඟට ජවිපය... ඊට පස්සේ සමගි බලවේගේ... මෙහෙමත් විකාර..

:       5       22

පුරවැසියෙක් Wednesday, 13 September 2023 02:16 PM

වජිර මහත්තයා මේ කතාකරන්නේ මොන්ටිසෝරි ළමයි වගේද...? අවසාන කාලේ ආස ආස දේවල් කියලා ෆන් එකක් ගන්න ඡන්දෙ එනකන්... අපි එතෙක් ඉවසීමෙන් ඔය හැමදේම බලාසිටිමු.

:       6       30

Mohan Mapa Wednesday, 13 September 2023 02:50 PM

හැම පක්ෂයක්ම අතුරුදහන් වෙනවා නම්...! 

:       3       16

Bunny Preena Wednesday, 13 September 2023 04:16 PM

වජිර මහත්තයා කිව්වා හරියට හරි. ආණ්ඩු පක්ෂය විපක්ෂයට ගිහිල්ලා එහෙමත් නැතිනම් අතුරුදහන් වෙලා දැනට තියෙන විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවක් පිහිටුවයි.

:       6       8

Kalum Wednesday, 13 September 2023 09:22 PM

මේ අයට මහත්තයා කියන අයට ගහන්න ඕනෙ ඉස්සරවෙලාම...

:       3       3

Senevi Wednesday, 13 September 2023 10:46 PM

දැන් අවුරුදු කීපයක් වෙනව ඔකවෙලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site