IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෝටලයේ කුණු ගඟට දමන අයුරු පෙන්නූ තිදරු පියා හදිසියේ මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට බැහැර කරන අපද්‍රව්‍ය පෙන්වීමට ගිය තිදරුපියකු හදිසියේ රෝගාතුර වී අද මිය ගියේය.

මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිසුමිත් සිල්වා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

මධ්‍යම පරිසර අධිකාරියට අයත් වාහන දෙකක් හෝටලය වෙත පැමිණෙන අයුරු මියගිය පුද්ගලයා දැකීමෙන් අනතුරුව ගම්වාසීන්ද දැනුවත් කර ගම්වාසීන් සමග හෝටලය අසලට එකක් පැමිණ අවට පරීක්ෂා කිරීමේ දී හෝටලය පිටුපස රක්ෂිත කොටස අනවසරයෙන් ගොඩකර ඇති අයුරු දැක තිබිණි.

අනතුරුව ගම්වාසීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට එම ස්ථානය පෙන්වා එම රක්ෂිත කොටසේ අනවසරයෙන් ගොඩකර තිබෙන අපද්‍රව්‍ය සහ කළු ගල් ඉවත් කරන තෙක් එම ස්ථානයේ රැඳී සිටින ලෙස ලෙස දැනුම් දී මියගිය පුද්ගලයා ඇතුළු කීප දෙනෙකු හෝටලයේ බලධාරීන් රක්ෂිතය අනවසරයෙන් ගොඩ කර තිබෙන ස්ථානය කොට දැමීමට කටයුතු කළහ.

මෙහිදී අනාවරණය වූයේ හෝටලයේ සිට බොල්ගොඩ ගඟට බෝට්ටුවලට නැගීම සඳහා යොදා තිබෙන කොන්ක්‍රීට් බැම්ම යටින් අපද්‍රව්‍ය ගඟට යොමු කිරීම සඳහා බට යොදා ඇති බවයි.

 



අදහස් (3)

හෝටලයේ කුණු ගඟට දමන අයුරු පෙන්නූ තිදරු පියා හදිසියේ මරුට

අබිලින් Thursday, 14 September 2023 06:06 AM

ඔය කියන වැරැද්ද කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියද? නැත්නම් හෝටලේද? කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

:       0       9

Bunny Preena Thursday, 14 September 2023 09:26 AM

පරිසරය පිළිබඳ සංවේදී පුද්ගලයෙකි. පව්, කිසියම් විෂබීජයක් ශරීරගත වෙලා මියයන්න ඇත්තේ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       12

බද්රානි Thursday, 14 September 2023 02:47 PM

මේක බොහෝ දුරට මිනීමැරුමක් විය හැකියි.. බීමට විෂ ද්‍රව්‍යයක් කලවම් කර දුන්නා විය හැකියි.. මොහුට සහයෝගය දුන් පුද්ගලයින් අතර හෝටලයේ හිමිකරුවන්ට සම්බන්ධ ඉත්තෙක් ඉන්න ඇති.. මේ මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site