
(යොහාන් භාසුර)
දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය.
මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දුම්රිය පරිපාලන අංශයට යොමුකර ඇති බවය.
වර්ජනය නැවැත්වීමට දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රියට බලධාරීන්ට ගතහැකි පියවරක් නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව සහ ප්‍රවාහන අමාත්‍යංශ මට්ටමින් තීරණ ගතයුතු බවත් ඒ මහතා කීය.
වර්ජනය නතර කරන බවට වර්ජකයන් කිසිඳු දැනුම්දීමක් මේ දක්වා කර නොමැති බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේම වෙනත් වෘත්තීය සමිතින්ද මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සිදු වුවහොත් රැකියාව අහිමිවනු ඇත. මේ රජය ක්‍රියාත්මක කර ඇත්තේ රටේ මහජනතාවගේ ඉල්ලීමකි. වෘත්තීය සමිති අරගල නිසා පීඩාවට පත්වන ජනතාව ඉල්ලා සිටින්නේ පාඩුලබන ආයතන සියල්ලත් පුද්ගලීකරණය කරන ලෙසයි..
දුම්රිය වර්ජනයට ජය වේවා..., මීළඟට වරාය වර්ජනය පටන් ගන්න.
මේ ලොකු සීන් GMOA එකට නම් දැම්මේ නෑ... අපි බලමුකෝ ඉදිරියේදී...!
දූෂිත රජය අවසන්කොට ඡන්දයක් පවත්වන තෙක්, රටපුරා වර්ජන පටන්ගමු. ජය වේවා...!
හිත හිත ඉන්න දෙයක් නැහැ.. අයින් කරලා දාලා කැමති අයව ගන්න. මොන මගුලක්ද මේ...? මොවුන්ට පඩි ගෙවගෙවා, වර්ජන කරන්න ගියාම මිනිසුන්ට වෙන විකල්පයක් නැත...
මොංගල් ඇමතිට ගාණක් නැහැ. රටේ ප්‍රශ්න විසඳන්න බැරි රනිල් රාජපක්ෂ කල්ලිය පලවා හරිනවා හැර වෙන විසඳුමක් නැහැ...
රියදුරන් 84ක් එකපාර අහක් කරලා කෝච්චි දුවන්න හිතන් ඉන්නේ බස් ගැමුණුගේ ගෝලයෝ දාලාද?
සිංගප්පූරුව දියුණු කරන්න පටන් ගත්තේ කාලකන්නි වෘත්තිය සමිති තහනම් කරලා. රටක් ගොඩගන්නම බෑ මේ මිනිසුන් එක්ක. මොන රජයක් වුවද නිවැරැදි දෙයට තදින් තීරණය ගත යුතුයි. දුම්රිය පමණක් නොව සියලුම අංශ සඳහා මෙය ක්‍රියාත්මක කළ යුතුයි..
දැනුත් ඔය අමාරුවෙන් දුවන්නේ... ඕකුන් ටික එළවලා ටික කාලයක් යනකන් විශ්‍රාමිකයෝ කැඳවලා අලුත් කණ්ඩායමක් පුහුණු කරගන්න පුළුවන්නේ... පීල්ල දිගේ යන කෝච්චිය මොකෝ වෙට්ටු දායි කියලා ද සිග්නල් බලන්නත් වෙනම කෙනෙක් ඉන්නවා. වේග පාලනෙයි, බ්‍රේක් කිරිල්ලයි ඉගෙන ගත්තාම මූලික කටයුතු සම්පූර්ණයි. හැබැයි පෙන්නන්න හදන්නේ රොකට් එකක් එලවනවා වගේ... ප්‍රයිවට් බස් රියැදුරන්ට ඔයිට වැඩිය කාර්‍ය භාරයක් තියනවානේ...
කිසිම සමාවක් නොදී මොවුන්ව වහාම සේවයෙන් නෙරපා දැමිය යුතුයි.
එයාල අයින් කලාම කෝච්චි යන්නත් එපායැ. ත්‍රීවිල් ලැයිසොං තියෙන අපිට බැරිද ඔය වැඩේ කරන්න.