IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර?

(යොහාන් භාසුර)

දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය.

මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දුම්රිය පරිපාලන අංශයට යොමුකර ඇති බවය.

වර්ජනය නැවැත්වීමට දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රියට බලධාරීන්ට ගතහැකි පියවරක් නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව සහ ප්‍රවාහන අමාත්‍යංශ මට්ටමින් තීරණ ගතයුතු බවත් ඒ මහතා කීය.

වර්ජනය නතර කරන බවට වර්ජකයන් කිසිඳු දැනුම්දීමක් මේ දක්වා කර නොමැති බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කකළේය.

 



අදහස් (15)

වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර?

ajith Wednesday, 13 September 2023 05:58 PM

රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේම වෙනත් වෘත්තීය සමිතින්ද මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සිදු වුවහොත් රැකියාව අහිමිවනු ඇත. මේ රජය ක්‍රියාත්මක කර ඇත්තේ රටේ මහජනතාවගේ ඉල්ලීමකි. වෘත්තීය සමිති අරගල නිසා පීඩාවට පත්වන ජනතාව ඉල්ලා සිටින්නේ පාඩුලබන ආයතන සියල්ලත් පුද්ගලීකරණය කරන ලෙසයි..

:       13       104

NimalWednesday, 13 September 2023 06:24 PM

දුම්රිය රියදුරන් 84 දෙනෙක් සේවයෙන් ඉවත් කළොත් දුම්රිය දුවලා ඉවරයි. බන්දුල ගුණවර්ධනට කොච්චි තල්ලු කරගෙන තමයි යන්න වෙන්නේ. වර්ජනයට ජයවේවා !!!

:       103       15

SAMANWednesday, 13 September 2023 09:36 PM

ඔබේ කතාව ඇත්ත, එක පැත්තකින් පාර්ලිමේන්තුවේ දේශපාලකයෝ, අනෙක් පැත්තෙන් වෘත්තිය සමිති, තව පැත්තකින් ආගමික කණඩායම්, රටේ මිනිස්සු හැමදේම විඳගෙන ඉවසාගෙන දුක්විඳගෙන බදු ගෙවනවා... බදු මුදලින් යැපෙන මිනිස්සු බදුගෙවන මිනිස්සු පීඩාවට පත් කරනවා. මොකක්ද මේ රටේ සිද්ද වෙන්නේ...?

:       0       16

Gunendra Thursday, 14 September 2023 11:32 AM

ඇත්තෙන්ම ඔබත් සමග එකඟ වෙමි...

:       1       0

chamikara Wednesday, 13 September 2023 06:25 PM

දුම්රිය වර්ජනයට ජය වේවා..., මීළඟට වරාය වර්ජනය පටන් ගන්න.

:       84       11

සාලිය​Wednesday, 13 September 2023 07:02 PM

ස්ට්‍රයික් කරන්න​.. වැඩිම පඩි ගන්න දෙගොල්ලක් නේ? ආණ්ඩුව නොවේ.. ජනතාවගෙන් පිළිතුරු ලැබේවි...!

:       4       36

Rata Perata Wednesday, 13 September 2023 06:28 PM

මේ ලොකු සීන් GMOA එකට නම් දැම්මේ නෑ... අපි බලමුකෝ ඉදිරියේදී...! 

:       49       13

Ranjith Wednesday, 13 September 2023 06:28 PM

දූෂිත රජය අවසන්කොට ඡන්දයක් පවත්වන තෙක්, රටපුරා වර්ජන පටන්ගමු. ජය වේවා...!

:       70       13

wicky Wednesday, 13 September 2023 06:34 PM

හිත හිත ඉන්න දෙයක් නැහැ.. අයින් කරලා දාලා කැමති අයව ගන්න. මොන මගුලක්ද මේ...? මොවුන්ට පඩි ගෙවගෙවා, වර්ජන කරන්න ගියාම මිනිසුන්ට වෙන විකල්පයක් නැත...

:       8       63

අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 06:58 PM

මොංගල් ඇමතිට ගාණක් නැහැ. රටේ ප්‍රශ්න විසඳන්න බැරි රනිල් රාජපක්ෂ කල්ලිය පලවා හරිනවා හැර වෙන විසඳුමක් නැහැ...

:       33       7

sachith Wednesday, 13 September 2023 07:13 PM

රියදුරන් 84ක් එකපාර අහක් කරලා කෝච්චි දුවන්න හිතන් ඉන්නේ බස් ගැමුණුගේ ගෝලයෝ දාලාද?

:       36       11

කිරිපුතා Wednesday, 13 September 2023 07:36 PM

සිංගප්පූරුව දියුණු කරන්න පටන් ගත්තේ කාලකන්නි වෘත්තිය සමිති තහනම් කරලා. රටක් ගොඩගන්නම බෑ මේ මිනිසුන් එක්ක. මොන රජයක් වුවද නිවැරැදි දෙයට තදින් තීරණය ගත යුතුයි. දුම්රිය පමණක් නොව සියලුම අංශ සඳහා මෙය ක්‍රියාත්මක කළ යුතුයි..

:       6       50

ලලින්ද්‍ර Wednesday, 13 September 2023 08:23 PM

දැනුත් ඔය අමාරුවෙන් දුවන්නේ... ඕකුන් ටික එළවලා ටික කාලයක් යනකන් විශ්‍රාමිකයෝ කැඳවලා අලුත් කණ්ඩායමක් පුහුණු කරගන්න පුළුවන්නේ... පීල්ල දිගේ යන කෝච්චිය මොකෝ වෙට්ටු දායි කියලා ද සිග්නල් බලන්නත් වෙනම කෙනෙක් ඉන්නවා. වේග පාලනෙයි, බ්‍රේක් කිරිල්ලයි ඉගෙන ගත්තාම මූලික කටයුතු සම්පූර්ණයි. හැබැයි පෙන්නන්න හදන්නේ රොකට් එකක් එලවනවා වගේ... ප්‍රයිවට් බස් රියැදුරන්ට ඔයිට වැඩිය කාර්‍ය භාරයක් තියනවානේ...

:       3       18

Bunny Preena Thursday, 14 September 2023 10:13 AM

කිසිම සමාවක් නොදී මොවුන්ව වහාම සේවයෙන් නෙරපා දැමිය යුතුයි.

:       1       5

චන්ද්දන Thursday, 14 September 2023 12:51 PM

එයාල අයින් කලාම කෝච්චි යන්නත් එපායැ. ත්‍රීවිල් ලැයිසොං තියෙන අපිට බැරිද ඔය වැඩේ කරන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site