(විමුක්ති එස් රුද්‍රිගු)
පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිස් පිළිබඳ අධ්‍යනය කරනු ලබන විශේෂඥයකු පේරු රාජ්‍යයෙන් සොයා ගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු දෙකක් මෙක්සිකෝවේ අගනගරය වූ මෙක්සිකෝ සිටි හිදී පිටසක්වළ ජීවින් පිළිබඳව පැවති කොංග්‍රස් සභා විභාගයක් අතරතුරදී නිරාවරණ කළේය.
පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිසි පිළිබඳ විශේෂඥයකු වන ජේමි මොසාන් විසින් මෙම හෙළි දරව් කිරීම සිදු කර තිබේ.පොසිල බවට පත්වූ මෙම සිරුරු දෙක පෘතුවි ජීවියකුට අයත් නොවන බවත් මෙම පොසිල දෙක වසර 1000 ක් පමණ පැරණි යැයි විශ්වාස කළ හැකි බවත් ජේමි මොසාන් පෙන්වා දී ඇත.
මෙම පොසිල බවට පත්වූ සිරුරු දෙක පියාඹන පිරීසියක් අනතුරකට පත් වූ ස්ථානයකින් සොයා ගන්නා ආකාරයේ සිරුරු දෙකක් නොවන බවත් මෙම සිරුරු දෙක වෙනත් පිටසක්වළ ජීවින් කොට්ඨාසයකට අයත් බවත් ජේමි මොසාන් ප්‍රකාශ කර තිබේ.
මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේදී මෙම පිට සක්වළ ජීවීන්ගේ යැයි විශ්වාස කළ හැකි කුඩා සිරුරු දෙක විද්‍යාඥයන් පරික්ෂා කළ බවත් එහිදී රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් ඩී.එන්.ඒ සාක්ෂි ලබා ගත් බවත් ජේමි මොසාන් මෙක්සිකානු රජයට පවසා ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මෙක්සිකෝවෙන් එළියට ආ පිටසක්වල ජීවීන්
C.K.Lankaputhra Thursday, 14 September 2023 06:01 AM
යකෝ, පිටසක්වල ජීවියොත් අපි වගේමනේ... මට නම් විශ්වාස නෑ...
පිටිගල මිලානෝ Thursday, 14 September 2023 10:07 AM
ඩෝං. පටාස් ගාලා විශාල සද්දයක් දාගෙන කැළණියෙන් මතුවුක නයාත් පිටසක්වල නාගලෝකෙන් නේද ආවේ…?