
(ටී.කේ.ජී.කපිල)
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි " යාඩෙන් " ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය එන්නත් වර්ග දහයක් නිපදවන බව එම සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ශෂීමාල් දිසානායක මහතා පවසයි.
මෙම කර්මාන්තශාලාව තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සංවිධානය කළ මාධ්‍යවේදීන් සදහා පැවති නිරීක්ෂණ චාරිකාවක අතරතුර අවස්ථාවකදීය .
2022 වසරේ ඔක්තෝබර් මස 10 දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ අක්කර එකහමාරක වපසරියකින් යුතු ප්‍රදේශයක ස්ථාපිත කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය නිර්වින්දන වේදනානාශක සහ ශල්‍යකර්ම සදහා යොදා ගන්නා එන්නත් වර්ග 10 ක් නිපදවන බව අනාවරණය කළේය .
මෙම නිෂ්පාදන සදහා ජාතික ඖෂධ අධිකාරියේ පූර්ණ අනුමැතිය ලැබී ඇති අතර මෙසේ නිෂ්පාදිත එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත සපයමින් සිටින බව ද පැවසීය .
එසේම එළඹෙන 2024 වසරේ සිට අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් රාශියකට මෙසේ නිෂ්පාදිත එන්නත් අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ද දිසානායක මහතා පැවසීය
එමෙන්ම පසුගිය සතියේ ඇමෙරිකානු ආහාර සහ සත්ව පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ බවත් , එය මෙම කර්මාන්තශාලාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියක් ඇතුව රට ඇතුළෙම ඖෂධ නිපදවන්න පුළුවන් නම් කොච්චර හොඳද? අගය කළ යුතුයි.
ඔයාටත් සියදිවි නසා ගන්න හිතෙයි. පරිස්සමින්. බුදු සරණයි...!
මෙය තමයි විය යුත්තේ... නියමයි.
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම එන්නත සද්ගුණවත් නිලධාරීන්ට කොමිස් මුදලක් නොදී සපයන්න පුළුවන් නම් එය යාඩෙන් සමගම ලබන අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්...
මේ එන්නත් ඉන්දියාවට යවල එහෙන් අයිමත් ලංකාවට ගෙන්නන. නැත්නම් කීයක්වත් හොයාගන්න බැරිවෙනව.
මෙරට ඉතිහාසයේ විශාලතම අල්ලස් නඩුවට (කන්තලේ සීනි කම්හලේ අල්ලස් නඩුවට) සිරගත වූ පියසේන දිසානායකගේ පුත්‍රයා තම පියාගේ ගමන් මගට නොනැමෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.
සේනක බිබිලෙ මහත්තයට වෙච්ච දේ නම් වෙන්න දෙන්න එපා
විශිෂ්ඨයි...!