(ඉන්දිකා රාමනායක)

12 හැවිරිදි දැරියක කෝපායි ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන ගොස් නිදිපෙති හා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 63 කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ දැරිය සැකකාරියගේ දියණියගේ පළමු විවාහයේ දියණිය බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකාරිය ඉකුත් 09 දින මෙම දැරිය කෝපායි ලැගුම්හල වෙත රැගෙනවිත් ඇති අතර, එහිදී ඉහත පෙති සහ එන්නත ලබාදී ඇති බව පොලිසිය කියයි.

කෝපායි ලැගුම්හලේ කාමරයක් තුළ දුගදක් හමන බවට පොලිසියට  ලද තොරතුරකට අනුව පොලිසිය ලැගුම්හල පරීක්ෂා කිරීමේ දී එම එහි කාමරයක ඉහත දැරිය ඇඳක් මත මිය ගොස් ඇති අතර, ඊට යාබද ඇඳක් මත ඉහත සැකකාරිය සිහිසුන්ව සිට ඇති බව පොලිසිය කියයි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.