(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ වගේ දේවල් වලට මරණ දඬුවම් බලාත්මක කරන්න ඕනේ
හප්පච්චියේ, ආණ්ඩුකාරයො ඉන්නෙ ඕවටද? මේ උන්නැහැ එහෙට මෙහෙට පැන පැන ගත්ත ගවනර් කමේ වැඩ පෙන්නන්නත් එපායැ. නැතුව ඕකෙන් මොනව කරන්නද?
චූදිතයෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න දේශපාලඥයෙක් මැදිහත් වෙන්නේ ඇයි...? මිනිහාව අත්අඩංගුවට ගත්තට පස්සේ රටේ සාමාන්‍ය නීතිය අනුව අදාල අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට ඉඩක් නැද්ද ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න හැම දෙයකටම දේශපාලඥයා මැදිහත් වන සංස්කෘතිය දැන්වත් නතරකළ යුතුයි...
මෙයා කිව්වේ නැතිනම් ඒක වෙන්න යාන්ත්‍රණයක් නැදද්?