(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මතවී මාස දෙකකට පසු අද (14) සිට බලාත්මක විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන සහතික කිරීමෙන් පසු පනත් කෙටුම්පත් දෙක මෙසේ බලාත්මකවිය.
මෙම පනත් කෙටුම්පත් දෙකට කතානායකවරයාගේ සහතිකය සඳහන් කිරීමට මාස 2කට ආසන්න කාලයක් ප්‍රමාදවිය. සහතිකය සටහන් කිරීම එසේ ප්‍රමාදවී ඇත්තේ පනත් කෙටුම්පත් දෙකේ පැවති තාක්ෂණික දෝෂ කීපයක් නිවැරදි කිරීමට සිදුවීම නිසා යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය ජූලි මස 20 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණෙ පසුගිය ජූලි 21 වැනිදාය.
ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd