(සුජිත් හේවාජුලිගේ )
රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ.
ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ සඳහා රජයේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
ආර්ථික ගැටලු හේතුවෙන් ඉවත් වූ ගුවන් නියමුවන් රැසක් විදේශ මුවන් සේවා සමග සම්බන්ධවී කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ පාලකයෝ ඉන්න රටක්... රටේ නියමුවන්ට සාධාරණ පඩියක් නොගෙවා පිටරටවලින් ලොකු ගණන්වලට නියමුවන් බඳවාගන්න යනවාලු. අත යටින් ගාණක් ඇති...
අපේ අය වැඩි පඩියට පිටරට යනවා පිටරට අය අඩු පඩියට මෙහෙ එනවා. පුදුම මොල අප්පා
රටේ ජනතාවට රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් හෝ බලාපොරුත්තු නැහැ. ඒ නිසාමයි මෙහම බුද්ධිමත් මිනුස්සු රට හැර යන්නෙත්. දැන් බිත්තරත් ඉන්දියාවෙන් ආනයන කරනවා, එකත් කල් ඉකුත්වූ. දැන් ගුවන් නියමුවන් ආනයන කරන්න වෙලා. ඉදිරියට ලංගම රියදුරුලාත් ආනයන කලත් පුදුමයක් නොවේ. රනිල් ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් නැහැ. නිකම් කයිවාරුත් රට සවාරිත් තමයි පෙන්න තියන්නේ.
ඉවත් වූ ගුවන් නියමුවන් රැසක් විදේශ මුවන් සේවා . මෙහෙම පත්තරවල ලියනවද ?