
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි විසි අටකට වැඩි වටිනා නෞකා ඇතුළු යාත්‍රා හතක් කාලයක සිට අක්‍රීයව පැවතුණත් ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අතර පසුගිය වර්ෂයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගන්නා ලද ග්‍රෑම්203 ක්වූ තහනම් මත්ද්‍රව්‍යවල වටිනාකම තක්සේරු කිරීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකාය විසින් පරිත්‍යාග කෙරුණු රුපියල් දෙකෝටියකට වැඩි වටිනා යන්ත්‍රෝපකරණ මූල්‍ය නොවන වත්කම් යටතේ මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණු බව පවසන විගණන වාර්තාව එය හෙළිදරව් කිරීමටද කටයුතු කර නොතිබූ බව සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පරිත්‍යාග කෙරුණු නෞකාවක සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිත්‍යාග කර තිබූ යාත්‍රාවක දළ වටිනාකම හත් කෝටියක් ලෙස තක්සේරු කර තිබුණද එම වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් අප එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද එය ව්‍යාර්ථ විය.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරය සඳහා ධීවර වරායකට විදේශ රටක නිපදවපු බෝට්ටුවක් දාන්න හැදුවා. නවත්වලා තියන්න ඇමෙරිකාවේවත් අය කරන්නේ නැති ගාණක් ඉල්ලුවේ. එහෙමම වැඩේ නවත්වලා බෝට්ටුව මාලදිවයිනට වික්කා.