
(අංජුල මහික වීරරත්න)
මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දියුණු තාක්ෂණය භාවිත කරමින් නූතන ලෝකයට ගැලපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා කීය.
මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අද (14) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරනුයේ නාගරික සංවර්ධන අධිකාරීයේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසිනි. නගරය සංවර්ධනය කිරීමේදී නගරයේ පිහිටි කුඹුරු ඉඩම් ඇතුළු ස්වාභාවික පරිසරයට හානියක් නොවන ලෙස සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මිනුවන්ගොඩ නගරය මගහැර පහසුවෙන් ගුවන්තොටුපළට ළඟාවීම සඳහා අඹගහවත්ත ප්‍රදේශයේ සිට ගුවන්තොටුපළ දක්වා නව මාර්ගයක් ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරලව කියන්න තියෙන්නේ, මේ අයට පිස්සු...
රාත්‍රියට තියා දවාලකටවත් යන්න බැරි නගරයක් තමයි මිනුවන්ගොඩ කියන්නේ... ගුවන් තොටුපොල හා සම්බන්ධ සියලුම මාෆියා කල්ලි මෙහෙය වන්නේ මේ නගරය තුළ සිටයි.. මේ පින්තූරයේ ඒ මාෆියා කල්ලි නායකයා සිටිනවාද කියලයි මමත් මේ හොයන්නේ...?
කොමිස් ගහන්න, කප්පම් ගන්න වැඩක් වෙන්ඩැති? රණතුංග පවුලේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු එකාලා...
මේගොල්ලෝ දන්නේ නැති වුණාට දැනටමත් මදුරුවලවල් නිසා මිනුවන්ගොඩ මිනිස්සුන්ට රෑ එළිවනකල්ම නින්දක් නැහැ තමයි. මොකද කුණු කාණු සුද්ද නොකරම ඉන්නද යන්නේ?
නගරය නොනිදා හිටියාට මිනිස්සු නිදි නේද?
කොහොමත් මිනුවන්ගොඩ පැත්තේසමහර ගෙවල්වල අය.. ගත කරන්නේ නින්ද නැති රැයවල් තමයි.