(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
එස්. එම්. චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ජනතාව 69 ලක්ෂයක් ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කළ ද එතුමාට එය කරගත නොහැකි වූ බව ද කී චන්ද්‍රසේන මහතා තනතුර දමා පලා ගිය එතුමා නැවත නැවතත් දේශපාලනයට එනවා යන්න විහිලුවක් බවද සඳහන් කළේය.
ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත දේශපාලනයට ඒමේ තත්ත්වයකට පත්වේ යැයි නොසිතන බවද කී චන්ද්‍රසේන මහතා සඳහන් කළේ එතුමා නම්බුකාර ලෙස තනතුර හැර යාම පිළිබඳ ගෞරවයක් ඇති බවත්ය.
එතුමා නැවත දේශපාලනයට පිවිස කොතනකට යාමට සූදානම් වනවාදැයි පැහැදිලි නොමැති බවත් එතුමා ආරක්ෂක සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වගකීම නිවැරදිව ඉටු කළ බවත් කෙසේ වෙතත් ජනාධිපති තනතුරේ යුතුකම් ඉටු කිරීමට එතුමාට නොහැකි වූ බවත් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යැයි කීම හීනයක් බවත් ජනාධිපති ධුරයේ කටයුතු කරගැනීමට නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් කුඩා පක්ෂයකින් පැමිණ කටයුතු කිරීමට කාලයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව
බිත්තර,තක්කාලි මිල වැඩිකිරීමේ උත්සවයක්
මේ දේශපාලන ගණිකාවක් ද? නැත්නම් දේශපාලන කූඩැල්ලෙක් ද?
මෙපමණ කාලයක් ලංකාවේ සිදුවෙමින් පවත්නා භයානක සහ හිරිකිත දේශපාලන විහිලු දේශපාලනයේ නියුතු ඔහුට වටහා ගැනීමට නොහැකිවීම තමයි ලොකුම විහිලුව
බයියන් තාමත් ජීවතුන් අතර ඉන්නකන් ලංකාවේ ඕන දෙයක් වෙන්න පුළුවන්.
69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියපු නිසා. අන්තිමට නයා ඇරපු එක විතරයි සිද්ධ වුනේ? රටම කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවෝ හැම එකාම තුරන්වෙලා යන එක තමයි හොඳ...
මොකුත් කර නොගත්තා කියන්නේ කොහොමද? තමුන්ගේ යාලුවන්ට හොරාකන්න පාත් එක හදලා දීලා තමුන්ගේ කොටස අරගෙන ඉන්නේ දැන්...
". ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත.." මරු කියවනවා !!! ඇත්ත මෙන්න. එදා ජනතාව ජනාධිපති මන්දිරය වටකරලා, කියලා බුද්ධි අංශ ගෝඨාභයට දැන්වූයේ නැහැ. හදිස්සියේම ගෝඨාභය රූපවාහිනියේ සජීවී විකාශනයක් දැකලා තමයි... ඇත්ත වටහාගෙන පැනලා ගියේ. තව පැයක් ඔහු ඒ ස්ථානයේ හිටියානම් ගඩාෆිට වුණු දේ අනිවාර්යයෙන් සිදුවෙනවා. මිනිස්සු ගෝඨාභයව පණපිටින් සම්බෝල හදනවා. ඒ වගේම තමයි එදා අරලියගහ මන්දිරයේ හිරවෙලා, මල මුත්‍ර පහවෙලා හිටපු මයිනාටත්, පොඩි මයිනාවත් බේරාගන්න හමුදාව වහාම ක්‍රියා කළේ නැහැ. ඒ හමුදාවේ සියලු දෙනාම දන්නවා" මේකලා මිනී මරු හොරු " කියලා. ලොකු මයිනා අන්තිමට හමුදාවට අණකලාලු" ජනතාවට වෙඩි තබා හෝ අපිව බේරාගන්න " කියලා. නමුත් උසස්ම නිලධාරියෙක් එය ප්‍රතික්ෂේප කරලා තවත් පැයකින් පමණ වෙනත් හමුදා කාණ්ඩයක් එවලා ඔවුන්ව බේරාගත්තේ... නැත්නම් මයිනෝ දෙන්නත් එදා සම්බෝල තමයි. කෙසේවෙතත් ප්‍රශ්නය තවම අවසන් නැති බව ඔය කතන්දර කියන චන්ද්‍රසේන මතක තියාගත්තොත් හොඳයි. ගෝඨාභය, ලොකු මයිනා, මයිනි සහ මයිනෝ පැටව් ඔක්කෝම දවසක ජම්පර් අන්දලා "බලු කුඩුවට" යනබව මට මැවිලා පෙනෙනවා...
තමුන්නැහැලා වගේ මෙලෝ වැඩක් නැති උන් දේශපාලනය කරන එක තමයි රටේ විහිලුව. ඒ භයානක විහිලුවෙන් රටම විනාශයයට , තාත්ත මදිවට පුතාටත් චන්දෙ දෙන රජරට ජනතාවට අපගේ උපහාරය. ආ මතක ඇතිව අර පුතා පලාත් සභාවෙදි කරපුු ඉන්දන වංචාවෙ අලාභය ගෙවන්න. මාවිල්ආරු කෘෂි රක්ෂණයට විද්ද එකත් අමතක නැහැ.
එහෙම කියන්න එපා ගොයියෝ. එල්ලෙන්න වැල් නැතුව හිටිය රනිල් කොහොමද ජනාධිපති වුනේ. බින්දුවට වැටිච්ච JR කොහොමද බලයට ආවේ...? අපි නොසිතන දේවල් සිද්ද වෙනවා. ජෙප්පෝ, සජියා බලයට එන්නේ නැතුව සිංහල කව්රු බලයට ආවත් කමක් නැහැ...