(යොහාන් භාසුර)
සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම වැය වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇති බව ද එම නිලධාරියා කීය.
නියඟය හේතුවෙන් සමනළවැව ජලාශය සිදී යෑමත් සමඟ කළ නිරීක්‍ෂණයේදී එම ජලාශයේ ජල කාන්දු වන ස්ථාන 7 ක් සොයාගත් බවත් කාන්දු වන ජල ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ අතහැර දැමූ උමගකින් කාන්දුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ජල කාන්දුවෙන් වසරකට රුපියල් කෝටි 200 ක පමණ පාඩුවක් වන බවත් එම කාන්දුවීම් 7 න් පමණක් වසරකට ජලය ඝණමීටර මිලියන 20 ක් පමණ අපතේ යන බවත් ඉංජිනේරුවෝ වාර්තා කර තිබුණි.
එම අපතේ යන ජලය ඝණමීටර මිලියන 20 ක ඉතිරිකරගත හොත් විදුලිබල නිෂ්පාදනයට යොදාගැනීමෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වසරකට ඉතිරිකරගත හැකි බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන සමයේදී ලාංකික ඉංජිනේරුවන්ගේ මතය වුනේ බැම්මේ ජල කාන්දුවීම් ඇතිවිය හැකි බවයි. නමුත් ඔවුන්ගේ මතය පසෙක ලා කටයුතු කිරීම නිසා දැන් ඇතිවී තිබෙන තත්වය පේනවාද? නමුත් අවම තරමින් දැන්වත් මෙය නතර කලහොත් මේ ගණනය කිරීම් වලට අනුව විශාල ඉතිරියක් කල හැකියි. වසරකට රුපියල් කෝටි 200ක් ඉතිරි කලහැකි නම් විදුලි පාරිභෝගිකයින්ටත් යම් සහනයක් ලබා දිය හැකියි.
මේ වගේ භූ පැලිමක් වැහුවත් ජලය පිරවීමෙන් පසු වෙනත් තැනකින් කාන්දු වීමට හෝ බෙදී යාමට පුළුවන්. මොකද භූමියේ ඇති හුණුගල් සහිත ස්ථරය නිසා ඒ සම්බන්ධවත් අවධානය යොමුකළ යුතුයි.
ඕක හදපු අයගෙන් අයකර ගන්න බැරිද?
සමනළ වැව හැදුව දා ඉඳලා වරින්වර ජලය කාන්දුවන බව වාර්තා වෙනවා... ඒ කියන්නේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන වාසි හා කොමිස් කුටිටිවලට කෙරුව වැඩක් බව දැන් සනාථ වෙනවා. ඒ වගේම දැන් බොහෝම ලස්සනට ගණන් හිලව් හදලා පෙන්නුවාට ඔය කියන අලුත්වැඩියාවේ සාර්ථකත්වයේ ප්‍රතිශතය කොතරම්ද කියලා ඔය කවුරුවත් කියන්නේ නැහැ නේද?
ලිබියාවෙ සිදු උනාවගෙ මහ විනාශයක් සිදු වෙන්ට පෙර මෙම කරුනට ප්‍රමුකත්වය දීල ජල කාන්ඩුව වහල දැම්මොත් හොඳයි. අහිංසක ජීවිත, ගෙවල් දොරවල් සහ දේපොල විශාල ප්‍රමානයක් ආරක්ශා කර ගත හැකි වෙයි.