(ප්‍රසාද් රුක්මල් )

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරතවූහ.

රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු , බුද්ධි ගලනය වහා නවතන ලෙස ඉල්ලා ඔවුහු මෙසේ පැයකට ආසන්න කාලයක් පුරා විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාවේ නිරතව සිටියහ .